විසිහයවෙනි පරිච්ඡේදය

515 87 23
                                    

JUNGKOOK POV

" මම ඔයාට ඇත්තටම ගොඩාක්....කැමතියි කුකී....."

මට මුළු රෑම නින්ද ගියේ නෑ. ජිමින්ගෙ වචන මාව ඇහැරවලා තිබ්බා.

ජිමිනි මට කැමති...යි... හොදයි එයා හිතනවා එයා මට කැමතියි කියලා. එතකොට මම මොකක්ද ඒකට කරන්නේ

මම එයාට කැමතියි ද ? මම දන්නේ නෑ ඇත්තටම මට මං ගැනම ශුවර් නෑ.

මගේ ඔලුව වටේ කැරකෙන දේවල් ඔක්කොම හෙන අවුල්. මේ වෙලාවේ කිසිම හැගීමක් පැහැදිලි උනෙ නෑ.

එතකොට කුකී.... කියන එක. ජිමින් මට කුකී කියලා කතා කරන එක හරිම කියුට්. එයා මට දිගටම එහෙම කතා කරනවනම් මම කැමතියි ඒකට.

ජිමින් හිටියේ මගෙ අත් අතරේ තුරුළු වෙලා ගුලි වෙලා නිදාගෙන. එයා දිහා බැලුවම මගේ මුණේ පුංචි හිනාවක් ඇදුනා. එයා හරිම පුංචියි හරිම හුරුබුහුටියි... හරිම ප්‍රිටී....

ජිමින්ගේ  duality කොච්චර එකිනෙකට වෙනස්ද කියන එක කල්පනා කරාම එයා දැන් මෙහෙම සැපට නිදාගෙන ඉන්න විදිහත්, ඊයේ රෑ එයා කොච්චර සරාගියිද කියන එකත් ක්ලබ් එකේ වැඩ කරනකොට එයා කොච්චර වෙනස්ද කියන දේත් මට මතක් කරා.

කෙටි හුස්මකට පස්සේ මම යන්තමට ජිමින්ව මගෙන් ඈත් කරන ගමන් ඇදෙන් ඉදගත්තා. මේ සති අන්තේ නිසා එයාට පුළුවන් තව වැඩිපුර නිදාගන්න. ඒ නිසා මම එයාව ඇහැරවන්න උත්සාහ නොකර නිදාගන්න ඉඩ දුන්නා.

මම පරිස්සමට එතනින් ඈත් වෙලා කොට්ටයක් අරගෙන මම නිදාගෙන හිටපු තැනින් තිබ්බා. ජිමින් මූණ අකුලගෙන චුට්ටක් මුණු මුණු ගෑවත් ආයෙම කොට්ටේ තුරුළු කරගෙන නින්දට වැටුණා.

වැඩි සද්දයක් නැතුව පරිස්සමෙන් කාමරේ දොර වැහුවට පස්සේ මම පල්ලෙහාට යන්න පටන් ගත්තේ උදේට මොනවා හරි කන්න හිතාගෙන.

" ජන්ග්කුක්" කිචන් එකට අඩිය තිබ්බා විතරයි ටේහ්‍යුන් මගෙ ඇගට කඩන් පැන්නා.

" තෑන්ක් ගෝඩ්! තමුසේ ජිමින්ව දැක්කද
? එයා එයාගේ කාමරෙත් නෑ... ආ... අද හොබී එක්ක මගෙ ඩේට් එකට යන්න කලින් මට ජිමින්ගෙන් අන්තිම ලාස්ට් ෆයිනල් ඇඩ්වයිස් එකක් ඕනේ " ටේහ්‍යුන් මගෙ කන අස්සෙ කෑගැහුවා.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now