Jungkook pov
අද සෙනසුරාදා මම හිටියේ මාරම කම්මැලි කමකින්. ජිමිනුත් ගෙදර හිටියේ නැති හින්දා මට ගිහිල්ල එයාට වද කරදර කරන්නත් බෑ... මොකක්ම හරි හේතුවකට මට එයාව ගොඩාක් මතක් වෙනවා.
අපි දෙන්නගේ ආගිව්මන්ට් එක වෙලාවේ මං එයාව කිස් කරාට පස්සේ ඉදලා මට කොහෙත්ම එයාව මගේ ඔලුවෙන් අයින් කරලා පැත්තකට දාන්න බැරි උනා. ඇත්තටම මට එයාව නිතරම මතක් උනා...
ඒත් තවම මම දන්නෙ නෑ ඒ වෙලාවේ මොන මගුලකට මම එයාව කිස් කරා ද කියලා....
මම හිටියේ කේන්තියෙන්. එයාට ටේහිය්‍යුන් ෆ්ලට් කරා කියලා දැන ගත්ත වෙලේ ඉදලා මාව පාලනය කර ගන්න බැරි කේන්තියකින් පිරිලා තිබුණා. ටේහිය්‍යුන්ට වැඩක් නෑ ඒ වගේ විකාර කරන්න. ඒක අපේ තත්ත්වෙට හරියන්නැ. මම කියන්නේ...
ඒත් මාත් එක්ක එකට එක කියවගෙන එද්දි එයාගේ පෙනුම නම් මාර හොට්. එහෙ මෙහෙ හෙලවෙන, උල්වෙන අනම් මනම් වෙන ඒ ෆ්ලෆී ලිප්ස් දැක්කම මට හිතුනෙම ඒවා කොච්චර සොෆ්ට් ද කියලා දැනගන්න තිබුණනම් කියලා . මගේ ලිප්ස් වලට ඒවා කොච්චර ගැලපෙයිද කියලා . කොච්චර රස වෙයිද... උණුසුම් ඇතිද කියලා .... සහ ඒක මාර විදිහට දැනෙන ඒක නම් පිස්සුවක්. එයා මාව අනිත්පැත්තට කිස් කරද්දි මට ඒක දැනුනා.... හෙවන් එකක් වගේ .... ආයිශ්....
පස්සේ ජිමින්ගෙන් මගේ කම්මුලට හොඳ පාරක් හම්බුනා තමයි. හොඳයි ඇත්තටම බැලුවොත් මං ගුටි ගන්නත් ඕනේ. ඒක සාදාරණයි . මොකද මම එයාට ගොඩක් නරක විදිහේ කතා කිව්වා.
ඉතින් ඊට පස්සේ ගතවනු දවස් පහේම මම දිගටම ඒ ගැන හිතලා ....හිතලා.... හිතලා..... බැලුවා උනත් ඊලගට මම කරන්න ඕනේ මොකක්ද කියලා තවම හරියට හිතා ගන්න බෑ.
මම දන්න එකම දේ එදා මං එයා ඉස්සරහා ජරාම විදිහට හැසිරුණා කියන එක. Just like a asshole . එයා පහුගිය කාලේ ගෙදර හැමෝටම හරිම කරුණාවන්ත විදියට සැලකුවා. අනිත් එක එයා අපේ සල්ලි වලට කෑදරකමින් ඉන්නවා කියන එක ගත්තම එයා ඒ වගේ දේකට කොහෙත්ම ලෑස්ති පාටක් පේන්න තිබ්බෙ නෑ. සමහරවිට මං හිතපු තරම් එයා නරක කපටි කෙනෙක් නෙමේ වෙන්න ඇති ...
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...