දහවෙනි පරිච්ඡේදය

701 183 31
                                    

Jungkook pov

" ඔයා මට ඔච්චරටම කැමති නැත්තම් මොන මගුලකටද මට මෙහෙම උදව් කරේ.... " ජිමින් හිටියේ මූණ රතු කරගෙන කියලා මම දැක්කා. 

ඇත්තටම මම දන්නැ. මම ඇයි එහෙම කරේ කියලා මම දන්නැ.  මට ආපහු වාහනේ හරවගෙන එන්න සිද්ධ උනා. මම දන්නැ ඒත් ඒක එහෙම උනා.

මම කැමති නෑ අනික් අය ජිමින්ට අනවශ්‍ය විදිහේ කිසිම දෙයක් කරනවට... උන් කොහොමද ජිමින්ට එහෙම කරදර කරන්න හිතන්නෙවත්. අනික කවුද ඒකට උන්ට පර්මිෂන් දුන්නෙ..  හහ්... මොනවා උනත් මම ඒ වගේ දේකට ඉඩ දීලා බලන් ඉන්නේ නැ...

මොකද... මොකද අපිට මේ ඉස්කොලේ ඇතුලෙ රෙපියුටේශන් එකක් තියනවා . ඒ හින්දා මම ජිමින්ට අකමැති උනත් අපේ පවුලෙ අලුත්ම සාමාජිකයා කියලා ජිමින්ව අදුන්වලා දෙන එකේ .... අපි ඒ ෆැමිලි රෙපියුටේශන් එක ගැන හිතන්න ඔිනෙ. එතකොට ⁣ජියොන් පවුලේ කෙනෙක් ගුටිකනඑක තත්වෙට හරි නැ. ඒක තමයි හේතුව. ඒක ඇත්තටම හොද හේතුවක්නෙ....

ඒක හරි තර්කානුකූලයි.... අන්න එහෙම කියමු..... ඒක ගැලපෙනවනෙ.. අවුලක් නෑනේ...

" අපිට රැකගන්න තත්ත්වයක් තියනවා ජිමින් . " මම කතාව පටන් ගත්තා
" මිනිස්සු දැන් තමුසෙව දන්නෙත් ජියොන් පවුලේ කෙනෙක් විදිහට. ඒක නිසා තමුසෙ ඔහොම ගුටි කන එක අපේ තත්ත්වෙට හරි නැ " මම කිව්වා.

" තමුන්ගේ තත්ත්වේ රැක ගන්න එක විතරයි ද ? ඇත්තටම ? ඒකමද එකම හේතුව " ජිමින් තදින් හුස්ම ගත්තා..  ජිමින් මන්දිහා බැලුවේ කන්න වගේ....

" ඔව්.... තමු⁣න් ආයේ... ආයේ කරදර දා ගන්නැතුව ඉන්න එක තමා වඩා හොද. මට හැමවෙලේම තමුන් දිහා බලන් ඉන්න බැහැනේ " මම වැඩිය ගනන් නොගෙන කියලා දැම්මා.

ඒ පාරනම් ජිමින් හිටියේ අන්තෙටම කේන්තියෙන් පුපුරන ගමන්. කම්මුල් රතුම රතුයි... මේ කොටාට එච්චර කේන්ති යනවද

" ඔයා ඇත්තටම ද ඔහොම කියන්නෙ මට ? මම ද මේ ප්‍රශ්න දා ගත්තේ. ඇත්තටම මම කරපු මගුලක් නැ. තමුසෙගේ මහලොකු සහෝදරයා කිම් ටේහිය්‍යුන්  කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා අන්තිමට ඒකට අහුවුනෙ කොහෙවත් ඉන්න මාව. අනික් එක තමුන් තමයි මට මෙහෙම වෙන්න හේතුව... " ජිමින් මට කෑගහන ගමන් ගින්දර පිටවෙන ඇස් වලින් මාව චප්ප කරන්න වගේ මං දිහා බලන් හිටියා .

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now