ඔයාලා හිතනවා වගේ..... දේවල් හොදින් උනේ නෑ. ජන්ග්කුක් මාව කිස් කරා කියලා කියපු දවසේ ඉදන් දේවල් ඕනෙවටත් වඩා නරක අතට හැරුනා.
මිනිස්සු මට ජරා වචන කියන්න පටන් ගත්තා. මම එතන නෑ වගේ මට ඇහෙන්න නොයෙකුත් දේවල් කියෙව්වා. කලින් මම උන්නද මලාද කියලා දන්නෙ නැති කෙල්ලෝ පවා මට නරක කතා හැදුවා. සමහර කොල්ලෝ මම එක රෑකට කොච්චර චාර්ජ් කරනවද කියලා අහලා මාව ස්ලට් කෙනෙක්ගේ ගානට දැම්මා. එන්න එන්නම ඉස්කොලේ කියන්නේ පුදුම වර්ස්ට් තැනක් උනා.
බ්‍රහස්පතින්දා වගේ වෙනකොට හැමදේම හරියයි කියලා හිතුවත් එන්න එන්නම දවස් නරක් උනා විතරයි.
එක කොල්ලෙක් මම එයාව ප්‍රතික්ෂේප කරා කියලා මාව බලෙන්ම හිස් කාමරේකට අරන් යන්න හැදුවා. මගේ වාසනාවකට යුන්ගි හිටියේ ඒ කාමරේ නිදාගෙන. මම පුළුවන් තරම් බේරෙන්න දැගලුවා.... මගේ කෑගැහීම් යුන්ගිව ඇහැරවලා තිබුණා.
යුන්ගිගෙන් හොද පාරක් දෙකක් කාපු ඒ කොල්ලා එතනින් මාරු වෙලා ගියේ නහයෙන් කටෙන් ලේ පෙරාගෙන. යුන්ගිට තවදුරටත් මේක මේ විදිහටම සිද්ධ වෙනවා දකින්න ඕනේ උනේ නෑ. ඒ හින්දා එයා එදා රෑම එයාගේ කාමරේට අපි හැමෝටම එන්න කිව්වා. ඒක හරියට ෆැමිලි මීටින් එකක් වගේ... ඔව් හරියටම කිව්වොත් ඒක පුංචි ෆැමිලි මිටින් එකක්.
මම ඉදගෙන හිටියේ යුන්ගිගේ ඇදේ නම්ජුන්ටත් ජින්ටත් මැදිවෙලා. නම්ජුන් ජින්ට ඔක්කොම සිද්ධ වෙච්ච දේවල් කිව්වා. ජින් හිටියේ හොදටම අවුලෙන්. එයාට එයාගේ දරුවව ඒ කියන්නෙ මේ මාව පරිස්සම් කර ගන්න බැරි වෙච්ච එක ගැන එයා ගොඩාක් දුක් වෙන බවක් එයා කිව්වා. එයා මාව තද කරලා තුරුළු කරගෙන වෙච්ච හැමදේ ගැනම මගේ හිත හදන්න උත්සාහ කරා. ඉස්සරහට එහෙම නරක දේවල් නොවෙන්න එයා මාව බලාගන්න ඕනේ දෙයක් කරාවී කියලා මම දන්නවා.
එදා මුළු හවසම එයාලා කවුරුත් මගේ ලගින් හෙල්ලුනේ නෑ. ජින් දිගටම මාව හග් කරා. මට කවන්න පවා හැදුවා. නම්ජුන් හිටියේ මගේ පස්සෙන්මයි. ඒ ඔක්කොම ජින්ගේ ඕඩර්ස් කියලා මම දන්නවා .
ඉතින් ඔන්න දැන් මම ඒ දෙන්නා මැද්දට වෙලා ඉදන් ඉන්නවා. එයාලා කතා කරේ වෙච්ච දේයි ඉස්සරහට මේ දේවල් නවත්න විදිහයි ගැන. මට ඇත්තටම හිතුනා මම පුංචි ළමයෙක් මේ පේරන්ට්ස් මිටින් එකක්. එයාලා මගේ අනාගතේ ගැන කතා කරනවා කියලා ඒක එච්චරටම ෆ්‍රොපෙශනල්
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...