Jimin pov
" ජන්ග්කුක් මට කිව්වා එයා අපි ඩේටින් කියලා එයාගෙ යාලුවෝ කීපදෙනෙක්ට කියනවා කියලා. ඒකෙන් කට කතාව ඉක්මනට පැතිරිලා යයි"
හැමදේම ඒ හිතපු විදියටම සිද්ධ උනා. හරියටම දෙවෙනි පීරියඩ් එක වෙද්දි මගේ පන්තියේ හැමෝම මං ජන්ග්කුක් එක්ක ඩේටින් කියන එක ගැන දැනගෙන හිටියා.
ප්ලෑන් එක හරියටම වැඩ කරා. ගොඩක්ම ගෑනු ළමයි මං ගැන එක එක කතා කිව්වා උනාට මම ඒවා ගනන් ගත්තේ නෑ. මං කොච්චර කැතද ,මං කොච්චර දූපත්ද එනිසාම ජන්ග්කුක්ට මාව ගැලපෙන් නෑ වගේ ඒවා. අඩුම ඒ කෙල්ලෝ මගේ මුහුණට ජරා කතා කියවන එක නැවැත්තුවානේ. ඒ ඇති මට.
" අර්... මේ මිනිස්සු අනුන්ගේ කුණු හොයන් නැතුව තමන්ගේ වැඩක් බලා ගත්ත නං ඉවරයි නේ. ඇයි ජීයොන්ලා කියලා ලොකු ද . මලවිකාර" හොබී හිටියේ කියව කියව... එයා තාම කේන්තියෙන්. මම එයාව මගේ පැත්තට හරවා ගත්ත.
" ඒකට කමක් නෑ හොබී ... මම එයාල කියන කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ. අපිට තියෙනවා ඊට වඩා වැදගත් දේවල් ඕන තරම් කතා කරන්න.ඉතිං ඔයාගේයි ටේගෙයි අතර දැන් මොනවද වෙන්නේ හැමදේ හොදින් නේද " මම එයාගෙන් ඇහුවා.
" හොඳයි .... ඒක...එයා සදුදා වෙච්ච දේට මං වෙනුවෙන් කතා කරපු එකට මම කැමැතියි. ඒක නිකන් එයා එහෙම කරන්න ඕනේ කියන එක නෙවෙයි. ඒත් ඒක එහෙම වෙච්ච එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ එයා මගෙන් ඇහුවා මූවී එකක් බලන්න යමුද කියලා . මම ඉතින් හා කිව්වා. " හොබී මන් දිහා බලාගෙන හිටියා. එයාගේ කම්මුල ලැජ්ජාවටම රතුවෙලා. ඒත් එක්කම එයා මගේ රියැක්ෂන් එක මොකක්ද කෙනෙක් ගැන ගොඩක් සැලකිලිමත් උනා.
"ඒක නියමයි හොබී... ඒකෙන් ඔයාට ටේහිය්‍යුන් ගැන තව ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි. මට හිතෙනවා එයා ඔයාට ඇත්තටම කැමතියි කියලා.... මේක නම් සීරියස් වගේ. එයා ගොඩක් ට්‍රයි කරනවා ඔයාට එයාගේ කැමැත්ත කොච්චර ද කියලා පෙන්නන්න"
" ඒ වගේ ඒක පේනව ද? ආහ්... ඒ උනාට මට ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනෙ නැහැ. ඒත් එයා දිගටම මේවගේ හැසිරුනොත් නම් මට තවදුරටත් මාව පාලනය කර කර ගන්න බැරි වේවි. මට එයාගේ ඇඟට පැනලා එයාව හපලා හපලා කාලා දාන්න හිතේවී. එයා හරිම සෙක්සී දෙයියනේ " හොබී එයාටම එයාගේ අත් වලින් පවන් ගහා ගත්තා.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...