Jungkook pov
මගේ නිදනකාමරේ දොරට කවුරු හරි තට්ටු කරද්දි මම හිටිය ඇඳේ දිගා වෙලා.
" ජන්ග්ගුක්, පහලට එනවා . ජිමින් ඇවිල්ලා ඉන්නේ . මතකනේ. මම ඔයාට කිව්වා එයා අද ඉදලා අපිත් එක්ක ජීවත් වෙනවා කියලා . " මගේ තාත්තා කිව්වා.
ඔව් එයා මට කිව්වා. තාත්තගේ බිස්නස් පාට්නගේ ලමයා එයා කියලා හොයාගත්ත දවසේ ඉදන් ඒ කොල්ලා අපේ ගෙදර ඉන්න එනවා කියලා තාත්තා අපිට කියලා තිබුණා.
පේන විදියට එයත් මගේ වයස වගේ වෙන්න ඇති . එතකොට එයා යන්නෙත් අපි යන ඉස්කෝලෙටමයි . ඒත් මට ඕනේ නෑ එයා මෙහෙ ඉන්නවා දකින්න . මම කැමැති නෑ වෙන මිනිස්සු අපේ පවුලට එකතු වෙනවට. විශේෂයෙන්ම දැන් සති කීපෙකට කලින් මගේ තාත්තා එයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එක්කගෙන ආපු දවසේ ඉදලා.
මගේ අම්මා දැන් අවුරුදු 2ට කලින් මැරුණා. එතකොට එයා, මගේ අම්මගේ තැනට වෙන ගෑනු කෙනෙක්ව තියන්නෙ කොහොමද එහෙම...
මොන බැල්ලියෙක් ද ඒ ... අනිවාර්යයෙන්ම ඒ මගේ තාත්තගේ සල්ලි වලට තියන කෑදරකම තමයි.. ඒක තමයි එකම හේතුව... නැතුව වෙන මොනවද . එතකොට දැන් තාත්තා තව අලුත් කොල්ලෙක් එක්කගෙන ඇවිත් කියනවා උට සහෝදරයෙක්ට වගේ සලකන්න කියලා . කොහෙත්ම නැ. කොහෙත්ම ඒවානම් මෙහෙ වෙන්න මම ඉඩ තියන්නැ !
අනික තාත්තා කලින් කිව්වා එයා ඒ කොල්ලව හොයාගෙන තිබ්බේ ස්ට්‍රිප් ක්ලබ් එකක වැඩ කරන කොට කියලා . ඌ අනිවාර්යයෙන්ම ස්ලට් කෙනෙක් තමයි. අපේ සල්ලි වලට කෑදර ... මගේ තාත්තගේ අලුත් කෙල්ල වගේම.
මම මටම හිනාවීගෙන ඇදෙන් නැගිට්ටා.
" එනවා " වැඩිය උනන්දුවක් නැති ස්වරයකින් මම කිව්වා.
මම ඒ කොල්ලට හොදට සලකන්න නම් යන්නේ නැහැ. පුළුවන් ඉක්මනට එයාට මෙහෙන් යන්න වැඩ සිද්ධ වෙයි. ඒ ගැන මම බලාගන්නම්කෝ.......
මට මගෙ සහෝදරයෝ තුන්දෙනාව අතරමගදි මට මුණගැහුනා. යුන්ගි නම් දැන් ඇහැරිලා වගේ පෙනුමයි . නම්ජුන් හරිම සන්සුන්. ටේ හිටියේ අලුත් කොල්ලව දැක ගන්න නොඉවසිල්ලෙන් වගේ.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...