Jungkook pov
Jimin moaned ! . එයාගෙ පස්සට මම ගැහුව වෙලාවෙ එයා හරිම සෙක්සි විදිහට කෙදිරුවා.
මගෙ ඔලුව පිස්සු නටනවා. මාව එක තැන ෆ්‍රිස් උනා.මම එයාව එහෙම්ම බිමින් තියලා පුළුවන් තරම් ඉක්මනට මගෙ කාමරේට දිව්වා.
මම කැමතියි එයා එහෙම කරනකොට වගේම මට ඊට වඩා වැඩියෙන් දිගටම එයාගෙ කෙදිරුම් අහන්න ඕනේ උනත් මම හිටියේ පැනික් වෙලා.
මම දන්නවා ජිමින්ගෙයි මගෙයි අතරේ එහෙම එෆෙයා එකක් නෑ කියලා . එයා මම එයාව ක්ලබ් එකේ කිස් කරපු දවසේ මාව කිස් බැක් කරා තමයි. ඒත් මට හරියටම කියන්න බෑ ඒකෙන් ජිමින් මට කැමතියි කියලා. උදේ වෙච්ච අවුල් සිද්ධියෙන් පස්සෙ අපි මුකුත් කතා කරේ නෑ. ඒක හරියට අපි දෙන්නා එකට ඉන්න කොට අපි අතරේ මොකක්දෝ අපහසු ගතියක් දැනෙන්න ගන්නවා වගේ දෙයක්.
ඉස්කෝලෙදි මම ජිමින්ව දැක්කෙම නෑ. ලන්ච් එකේදි අපි එකට හිටියා උනත් අපි අතරේ කිසිම කතාබහක් ඇති උනේ නෑ.
හවස්වරුවේ ජිමින් කිව්වා එයා මං එක්ක ගෙදර යන්න එන්නෙ නෑ කියලා . එයාලා පරක්කු වෙලා පන්තියට ගියපු හින්දා එයාවයි හේසොක්වයි වැඩිපුර වෙලාවක් තියාගන්නවා වගෙ කතාවක් එයා කිව්වා. මට තෙරෙන්නැ ජිමින් පන්තියට යන්න පරක්කු උනේ මොකටද කියලා .
කොහොම හරි මම දැන් ඉන්නේ පුදුම කම්මැලි කමකින් . හරිම බෝරින්... මම එක්සසයිසුත් කරා. විඩියෝ ගේම්ස් දෙක තුනකුත් ප්ලේ කරා.
ජින් කලින්ම ආවා ඒත් එයා නම්ජුන්ගෙ රූම් එකට ගියා මුවී එකක් බලන්න ඕනෙ කියලා. දැන් මුවි එකෙ බාගයක්වත් ඉවර ඇති. ඒත් මට කම්මැලි. සමහර විට මම එයාලට ජොයින් වෙන එක හොද වෙවී කියලා මට හිතුනා. මම නම්ජුන්ගෙ කාමරේ දිහාවට හෙමින් ඇවිදගෙන ගියා. දොරට තට්ටුවකුත් දැම්මා. ඒත් කාටවත් මාව ඇහුනු පාටක් තිබුනෙ නැ. කාමරේ ඇතුලින් මියුසික් එකකුත් ඇහුනා. සමහර විට එයාලා මුවි එක පැත්තකට දාලා සිංදු අහනවා වෙන්න ඇති. මම දොර තල්ලු කරා. මොකද කවුරුවත්ම මම දොරට තඩිබාන සද්දෙට ප්‍රතිචාරයක් නොදක්වපු හින්දා.
" ආ............." මම හොදටම ඇස් වහගෙන කෑගැහුවා
" ජන්ග්කුක් !! මොන මගුලක්ද ඔයා කරන්නේ. දුවනවා කාමරෙන් එලියට" මට ඇහුනා නම්ජුන් කෑගහනවා.
VOCÊ ESTÁ LENDO
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanficජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...