අටවෙනි පරිච්ඡේදය

654 181 15
                                    

මම පුදුම තරම් උත්සාහ කරා ටේහිය්‍යුන්ගේ ඇස් වලින් ගැලවිලා ගණන් පොතේ ගිලෙන්න. ඒත් ටේහිය්‍යුන් මට දේවල් තව අමාරු කරවනවා.

" ⁣කියුටී.... මාත් එක්ක කතා කරන්නකෝ. අපි තාම හරියට අපි ගැන දන්නෙත් නෑ. මේක තමයි චාන්ස් එක. ජන්කුකා පේන්නවත් නැති එකේ.. ආ... ආ......" එයා ඇහිබැමක්  හකුළුවන ගමන් එයාගේ boxy smile එක මං දිහාට දැම්මා.

මම සුසුමක් හෙලුවා. " ඔයාට මං ගැන දැනගෙන තියන වැඩේ මොකක්ද අනික මට කියුටි කියුටි කියලා කතා කරන එක නවත්තනවා " මම මූණ පුම්බගෙන කියෙව්වා. මම කැමති නෑ එහෙම කියනවට.

" ඔයා එහෙම කියද්දිත් හරිම කියු.....ට්.......එතකොට මං කොහොමද ඔයාට කියුට් කියන එක නවත්තලා දාන්නේ කියුටී.... " ටේහිය්‍යුන් මගේ කම්මුලකට අනින ගමන් හුරතල් උනා.

මම එයාගේ අතට ගහලා පැත්තකට කරලා දැම්මා. ඒත් ලැජ්ජාවට මාව රතු වෙලා වෙන්න ඇති. " ආයේ මට ඔහොම අනින්න එපා. මම පොඩි ළමයෙක් නෙවෙයි " මොන කරදරයක්ද එයාට තාම මාව පේන්නේ හුරතේට. මේක නම් මල වදයක්.

" මොකක්හරි කමන්නැ . ඒත් අපි දැන් ඉන්නේ ලිවින් ටුගෙදර්නේ. ඔයා මං එක්ක එහෙම ඉන්න කල් මට ඔයාව ටික ටික අදුර ගන්න ඕනේ " ටේහිය්‍යුන් මං එක්ක අමුතුවට හිනා උනා.

" ආහ්.... හරි දැන් ඔයාට මොනවද මං ගැන දැනගන්න ඕනේ. " එයා මාව ලේසියෙන් අතාරින්නෑ කියලා දන්න නිසාම මෙ කරදරෙන් යන්තම් හරි බේරෙන්න මම කියලා දැම්මා.

" ඔයා  gay ද ? " එයා එකපාරටම මගෙන් ඇහුවා.

මම එයා දිහා ටික වෙලාවක් බලන් හිටියා. යා.... මම හිතුවේ මගේ විනෝදාංශ මොනවද කන්න ආස මොනවද වගේ දෙයක් මේකා අහයි කියලා . මේක නෙවේ.... කොහෙත්ම නැ.

" අහ්... ඔව්.... මම homosexual තමයි " මම කිව්වේ එයාගේ මූණ දිහා හොදට බලන ගමන්.

ඒත් එයා කලේ නිකන් ඔලුව හොල්ලන එක විතරයි. " එහෙනම් මම හිතුවා හරි. ඒක නෙවෙයි. ඔයා හරි ලස්සනයි කියලා මම කලින් කියලා තියනවද " ටේහිය්‍යුන් මං ලගට තව ටිකක් ලං වෙමින් කිව්වේ මගේ ඇස් වලින් එයාගේ ඇස් ඉවතට ගන්නෙ නැතුව .

මම ඉක්මනට අහක බලා ගත්තා. මේ යකා මම ගේ කියලා කියපු ගමන්.... තප්පරයක්වත් ගතවෙන්න කලින් මට ෆ්ලට් කරනවද ? මම එයා කියන විකාර ගනන් ගන්නැතුව ඉන්න උත්සාහ කරා.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now