Jimin pov
මේ බුසාන් පෞද්ගලික උසස් විද්‍යාලය. මාව එක්කගෙන ආපු ඩ්‍රයිවර්ට ස්තුතිකරලා මම ඉස්කොලේ ඇතුලට ඇවිදගෙන ගියා. හැම ගොඩනැගිල්ලක්ම අහස උසට දැවැත්තව නිමවෙලා තිබ්බේ හරියට ඉහල පැලැන්තියේ පොහොසත් ළමයින්ටම හොදට ගැලපෙන විදිහටම වගේ.
ඒත් ආයේම මතක් කරොත් එතකොට මම... මම එයාලා වගේ පොහොසත් කෙනෙක් නෙවෙයි. මම ඒ සමාජෙට සෑහේන දුරයි. මගේ වෙලාවට අපි හැමෝටම නිල ඇදුමක් අදින්න උනා. එතකොට ඇදුමෙන් පැලදුමෙක් නම් හැමෝම එක වගේ.
මම ඉස්කොලේ ඇතුලට ඇවිදගෙන ගියා. මගේ කාලසටහන් ඉල්ල ගන්න යන්න ඕනෙ කොහෙටද කියලා මට ඇත්තටම කිසිම අදහසක් තිබුනෙ නැහැ . අහන්නවත් කෙනෙක් නෑ. මොකද ජියොන් බ්‍රදර්ස්ලා මාව අද උදේ හැලුවනේ.
මම කල්පනාවේ ඉස්සරහට ඇවිදගෙන ගිහින් කාගේ හරි ඇගේ හැප්පුනේ ඒ වෙලාවෙමයි.
" ඔහ්.... සමාවෙන්න . මම ඇත්තටම වෙන කල්පනාවක ආවේ " මම කිව්වා.
" අයියෝ ඒකට කමන්නැ. ඒක ගැන හිතන්න එපා. ඔයා නිකන් අතරමන් වෙලා වගේ . මෙහෙට අලුතින්ද " පිරිමි ළමයා ලස්සන හිනාවකින් ඇහුවා. එයාගේ සන්ශයින් හිනාවෙන් මුළු කාමරයක්ම උනත් එලිය කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා.
" ආ... ඔව් ඇත්තටම....මම... මම ජිමින් . පාර්ක් ජිමින් . ඔයාව මුණගැහීම සතුටක්. " මම කිව්වා. මට මිස්ටර් ජියොන් කිව්වා මගේ තාත්තා කියන කෙනාගේ අන්තිම නම පාවිච්චි කරන්න කියලා . එතකොට මගේ අම්මත් කැමතියි මම ඒ නම භාවිතා කරනවට. තාත්තා එයාව අතැරලා දැම්මත් අම්මා තාත්තට ආදරේ කරේ ඇත්තටමයි කියලා මම දන්නවා .
" ඔයාවත් හමුවීම සතුටක්. මටග් නම හේසොක්. ඒත් ඔයාට පුළුවන් මට හොබී කියලා කතා කරන්න " එයා හිනාවෙලා කිව්වා. " එහෙනම් මම ඔයාව ඔයාගේ ශෙඩියුල්ස් ගන්න පුළුවන් තැනට එක්කගෙන යන්නද ජිමින් ? " එයා ඇහුවා.
" අනේ ඒකනම් ඇත්තටම ලොකු දෙයක් " මට පුදුම හොදක් දැනුනා. දැන් ඉතින් මට හොය හොය ඇවිදින්න දෙයක් නැහැනේ.
" ඉතින් ජිමින් " හොබී මට කතා කරේ අපි ඇවිදගෙන යන අතරතුර. " එතකොට ඔයා එහෙනම් ජීවත් වෙන්නේ ජියොන්ලත් එක්ක "
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...