Jimin pov
මම ටේහිය්‍යුන් එක්ක මගේ වැදගත් කතාව ඉවර කරා.
අපි හිටියේ එයාගේ කාමරේ. මින්හියුක් එක්ක සිද්ධ උන හැමදේම මම එයාට කිව්වා.ටේහිය්‍යුන් ඇත්තටම ඒ ගැන කනගාටු උනා. එයා කිහිපවතාවක්ම මගෙන් සමාව ඉල්ලුවා.
මම එයාට කිව්වා ඒක එයාගේ වරදක් නෙවෙයි කියලා ඒත් ආයේම ඒ දේ සිද්ධ වෙනවට මම කැමති නැ කියන එකත් මම එයාට පැහැදිලි කරා.
දිගටම යාළුවෝ වගේ ඉන්න එක කොච්චර හොදද කියලා අපි තීරණය කරා. අපි අපිට පොරොන්දු උනා . ටේහිය්‍යුන්ට අනුව නම් අපි අද ඉදන් හොදම යාළුවෝ. ඒ වගේම එයා අද ඉදලා මගේ පෞද්ගලික ආරක්ශකයත් වෙනවා කියලා කිව්වා. එතකොට මින්හියුක්ටවත් වෙන කෙනෙක්ටවත් මට කරදර කරන්න බැහැ කියලා තමයි එයා දිගටම මං එක්ක තර්ක කරේ.
මම හිටියේ ලොකු කල්පනාවක කොරිඩෝව දිගේ මගෙ කාමරේ දිහාට ඇවිදගෙන යන ගමන්. මම ටේහිය්‍යුන් එක්ක වාද කරේ එයා මගේ බොඩිගාඩ් වෙන එක ගැන මම ලොකු කැමැත්තක් නොදක්වනවා කියන එක එයාට තේරුම් කරවන්න. ඒත් එයා කොහෙත්ම එයාගේ තීරණේ වෙනස් කරන පාටක් පේන්න තිබුනෙ නැහැ.
එතකොට එයා මගේ පර්සනල් බොඩිගාඩ්, මගේ යාළුවා .. හොදයි මගේ හොදම යාළුවා.... මම ඇත්තටම කල්පනා කරේ ටේහිය්යුන්ගෙයි මගෙයි අලුත් ඒත් අමුතු සම්බන්ධෙ ගැන. ඒක කොච්චර විකාරයක්ද.
ටේ මට පැණි හල හල හිටපු සතියෙන් පස්සෙ හදිසියේ එයා මගේ හොදම යාළුවා උනේ කොහොමද කියලා මට තවම හිතාගන්න බැහැ. ආහ් මේකනම් පිස්සුවක්.... මට මං එක්කම හිනා යනවා.
හදිසියේ මට අමුත්තක් දැනුනා. ඒදේ සිද්දවෙන්න ලොකු වෙලාවක් ගියේ නැහැ. කවුරුහරි කෙනෙක් මගේ අතෙන් තදින් ඇදලා අරගෙන කාමරයක් ඇතුලට තල්ලු කරා. ඒක සිද්ධ උනේ හරි ඉක්මනට . මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරම වගේ...
මගේ ඉන වටේ තදින් එතුනු අත් දෙකක් මගේ පිටුපසින් මාව තද කරලා තුරුළු කර ගත්තේ මාව කාගේ හරි තද පපුවකට තල්ලු වෙලා යද්දි. මම හිටියේ චප්ප වෙලා වගේ. මම කෑගහන්න තප්පරේකට කලින් ලොකු අතක් මගේ කට තද කරලා වැහුවා. බෙල්ල ලගට හුස්මක කිතිය දැනුනා.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...