" දෙයියනේ ජූන්.... බලන්නකෝ එයා හරිම කි.....යුට්......"
" ජිනී ඔච්චර ලගට යන්න එපා. එයා ඇහැරුනොත් ඔයා ඔය එබීගෙන ඉන්න විදිහ දැකලා එයා බය වෙයි "
" මල විකාර. මගෙ හැන්ඩ්සම් ෆේස් එකට කවුද අනේ බය වෙන්නේ .... "
" මං දන්නවා ලව්. ඔයා හරිම හැන්ඩ්සම් තමයි. ඒත් ජිමින් තාම ඔයාව දන්නෑ. එතකොට ඔයා එයා නිදාගෙන ඉන්නකොට එයාගේ මූණ ඔහොම අල්ලන එක හරිද . ඒ හින්දා පරිස්සමට.... එයාව ඇහැරවගෙන ඩිනර් වලට එක්කගෙන එන්න "
" හරි හරි.... එයා චුට්ටක් කෙට්ටුයි.... මගේ රසම රස කෑම ටිකක් වැඩිපුර එයාට කවන්න වෙයි වගේ."
මම හිටියේ මගේ හීන ඇතුලේ. ඒකේ චුටී පූස් පැටව් දෙන්නෙක් මොන මොනවදෝ කියෙව්වා. මට එයාලව පැහැදිලිව ඇහුනෙ නැහැ. කොච්චර නරකද එයාලා. හරිනම් මට ඇහෙන්න තේරෙන භාශාවකින් කියවන්න තිබ්බනෙ. මම හිනේ හිටපු පූස් පැටව් දෙන්නට බනින්න කට හැදුවා විතරයි. කවුරු හරි මගෙ නම කතා කරන ගමන් මාව හෙල්ලුවා. මම හිමීට ඇස් දෙක ඇරියා.
මාව ගැස්සිලා චුට්ටක් කෑ ගැස්සුනෙ මගෙ මූණට එබිලා ,ලොකු හිනාවක් එක්ක හිටපු අදුරන්නැති මූණ දැක්ක නිසා.
" බලන්න එයා බය උනානෙ. මම කිව්වා ඔයාට " මම ඇදෙ එහා පැත්තෙන් හිටගෙන හිටපු නම්ජුන්ව දැක්කේ එතකොටයි. මගේ මූණට එබිලා හිටපු කඩවසම් කෙනත් චුට්ටක් ඈත් වෙලා මං දිහා බලාගෙනම හිටියා. ආ..... මේ නම්ජුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඇති . එයා කියපු විදිහටනම් ඒ එයාම තමයි.
මම ඉක්මනට ඇදෙන් එලියට පැන්නා. ලොකු හිනාවක් එක්ක මම එයා දිහාට නැමිලා ආවාර කරා.
" මම පාර්ක් ජිමින් . ඔයා නම්ජුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඇති නේද . මට හොදටම නින්ද ගිහින් තිබුනෙ. මම හිතුවෙ ඔයා මම හීනෙන් දැක්ක එක පූස් පැටියෙක් කියලා "
මගුලයි. මොකක්ද මම ඒ කිව්වේ. මගේ කම්මුල් වල ලේ පිරුණා. ලැජ්ජාවේ බෑ.....ඇයි මම හැමදාමත් මේ වගේ මොට්ට කතා කියවන්නේ.... ආ.............
" ආහ්..... ඔයා හරිම කියුට් පැටියෙක්නේ. ඔයාට වයස කීයද ස්විටී " නම්ජුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් මගේ කොණ්ඩේ අවුල් කරලා දැම්මා . ඊට පස්සෙ මගේ කම්මුල් චප්ප කරා.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...