Jimin pov.
"ඔහ් ... හරියට ඔයාට ඒකෙන් වැඩක් තියනවා වගේ. මොනවා උනත් ඔයාට දැන් පේනවනේ, මට ඒවා අදාල නැ.. මොකටද ඔයා ආවේ " මම ඇහි බැමක් ඔසවමින්ම ජන්ග්කුක්ගෙන් ඇහුවා.
එයා ටික වෙලාවකට හැසිරුනේ ආතබූත වෙලා වගේ. හරියට එයා මෙතනට ආවේ ඇයි කියලා එයාට හදිසියේ අමතක උනා වගේ.
" මම ඔයාට කැමති නෑ" එයා කාරණාවට බැස්සා.
සිරාවට .... මේ දැන්ම. අඩුගානේ එයා මාව දන්නෙවත් නෑ. එයා කිසිම හේතුවක් නැතුව මට වෛර කරන්නත් පටන් අරන්.
" හොදයි ඒක නම් ඇත්තටම පුදුමයක්... මොකද ඊයේ ඔයා මට මාර උණුසුම් පිළිගැනීමක්නේ දුන්නේ " මම උපහාසාත්මක කටහඩකින් කිව්වා.
ජන්ග්කුක් නපුරු මූණකින් මං දිහා බලාගෙන හිටියා. එයා හරියටම ඒ බැල්මෙන්ම මං දිහාට ඇවිදගෙන ආවා. මම පිටිපස්සෙන් පිටිපස්සට යන්න පටන් ගත්තා. අපරාදේ ! මම එයාට එහෙම නොකියා ඉන්නයි තිබ්බේ.
ජන්ග්කුක් මාව බිත්තිය දිහාට තල්ලු කරා. මගේ අත් උඩට අරගෙන බිත්තියට තියලා තද කර ගත්තා. මට චුට්ටක්වත් එහෙට මෙහෙට හෙලවෙන්නවත් බැරි විදිහට.
" හොදට අහගන්නවා කොටෝ.... මම දන්නෑ තාත්තා මොන මගුලක් හින්දා තමුසෙව මෙහෙ එක්කරගෙන ආවද කියලා . ඒත් මම ඒකට කැමති නැහැ.... " ජන්ග්කුක් සීතල කටහඩකින් කිව්වා.
වට් ද ෆක් ! මේ මිනිහා මට කොටා කිව්වා. එයා අසාමාන්‍ය විදිහට උස එකට මම මොනවා කරන්නද. මම සාමාන්‍ය උස මනුස්සයෙක් . හහ් අඩුම මම එහෙම හිතන්න හරි කැමතියි . මම කොටෙක් නෙවෙයි !
" මම කොට නෑ..... තමුසේ ජෝක් එකක් වගේනේ. හහ්.... අනික මට අදාල නෑ මම මෙහෙ ඉන්නවට තමුසෙගෙ කැමැත්ත අකමැත්ත තියනවද කියන එක. තමුසෙගේ තාත්තා මට කිව්වා මෙහෙ ඉන්න කියලා මම කොලේජ් යන්න පටන් ගන්නකම්. ඒ හින්දා තව අවුුරුදු දෙකක් මම මේ ගෙදර ඉන්නවා . ඒක හොදට මතක තියාගන්නවා" මම එයාට කෑගැහුවා.
මම එයා දිහා බැලුවා.බය නැතුව මම එයා දිහා බලන් හිටියා. එයාට ඒක පිළිගන්න වෙනවා අකමැත්තෙන් හරි. මේ මෙලෝ රහක් නැති කොල්ලට මං එක්ක තියන ප්‍රශ්නෙ මොකක්ද . මම මේ ගෙදර එයා වගේම ජීවත් වෙන එක එයාට මදි කමක් වගේ දෙයක්ද
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...