Chapter 2

2.6K 605 191
                                    

කම්පනි එකේ ඉදන් පාර්ක් මැන්ශන් එකට පැය එකහමාරක දුරක් තිබ්බත් විනාඩි පහලවක වගේ පොඩි කාලෙකින් බෝගම්
පාර්ක් මැන්ශන් එකට ආවේ  කොහොමද කියලා බෝගම්වත් දන්නේ නැතුව ඇති..

වාහනෙන් බැස්ස ගමන්ම සේවකයින්වත් තල්ලු කරගෙන උඩ තට්ටුවට දුවපු බෝගම් ටේහියුන්ගෙයි ඔහුගෙ  නිදන කාමරේ දකිද්දිම වේගේ ටිකක් අඩු කලේ මොකක්දෝ හිතට දැනුන මහ මූසල හැගීමකට.වචනෙකින් කියාගන්න බැරි තරම් බයකින් නිදන කාමරේ බාගෙට ඇරිලා තියන දොරත් තල්ලු කරගෙන නිදන කාමරයට ඇතුලු වුන  බෝගම්ට දැනුනේ ඔහුගෙ  කකුල් දෙක පණ නැතුව ගියා වගේ.

නිදන කාමරේ පුරාම වට වෙලා හිටිය සේවකයෝ මැද ලේ විලක ටේහියුන්ග් වැටිලා හිටියා.ටේහියුන්ගෙ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන අඩ අඩ හිටිය ජෙනට් බෝගම් දැක්ක ගමන් මහත්තය ගගා තව තව හයියෙන් අඩන්න ගත්තේ බෝගම් හීනෙන් වගේ හෙමින් හෙමින් ටේහියුන්ග් ලගට ඇවිදන් යද්දි...

ටේහියුන්ග්ව අල්ලන්න තරම් වත් හිතට හයියක් ශක්තියක් දැනුන නැති බෝගම් ගල් පිලිමයක් වගේ ටික වෙලාවක්  ටේහියුන්ග් දිහා බලන් හිටියා.ඒත් වැඩි වෙලා යන්න කලින් ජෙනට්ගෙ තුරුලෙන්  එයාගේ තුරුලට ටේහියුන්ග්ව පරිස්සමට ගත්ත බෝගම්ගේ අත් බයටම වෙවුලලා ගියේ බෝගම්ටත් නොදැනී ඔහුගෙ ඇස් වලින් කඩන් වැටෙන කදුලු කම්මුල් දිගේ ඔහේ පහලට ගලන් යද්දි..

"එහාට්ට පලයන්....කෝ යකෝ ඩොක්ටර්.උබල එකෙක්වත් ඩොක්ටර්ට කෝල් කලේ නැද්ද?"

ටේහියුන්ග්වත් තුරුලු කරන් බෝගම් නහර පුප්පන් දැනටමත් බයෙන් බිම බලන් ඉන්න සේවකයන්ට කෑගැහුවේ ටේහියුන්ගේ එක දිගට නැවතීමක් නැතුව ලේ ගලන අතේ ලේ නතර කරන්න නිශ්පල උත්සහයක යෙදෙන ගමන්.

මේ වෙනකොට බෝගම්ගේ සුදු පාට ශර්ට් එක ටේහියුන්ගෙ ලේ වලින් නෑවිලා ගිහින් තිබුනා.

මේ කලබල අස්සේ බෝගම්ගේ අතින් එක මිනිහෙක් මැරෙන්න කලින් නිදන කාමරේට දුවන් ආපු ඩොක්ටර් බෝගම් ලග දණගහගත්තේ බෝගම් තද කරල අල්ලන් ඉන්න ටේහියුන්ගෙ අත හෙමින් එයාගේ අතට ගන්න ගමන්.

Forbidden Desire (Taekook) Where stories live. Discover now