Chapter 19

1.6K 512 420
                                    

Comment goal 100

ඔයා මොනවද මට හංගන්නේ ටේහ්‍යුන්ග් .වෙලාවකට ඔය ඇස් වල ඉතුරු වෙලා තියෙන්නේ මනුස්සයෙක් ආගාදයකට ඇදලා දාන්න තරම් හැකියාවක් තියන පාලු  හිස් බවක් විතරයි..

ඒත් ඒ ඇස් වල විටෙන් විට ඇදෙන අනිත් හැගීම් මොනවද?

ඔය ඇස් වලින් මන් දකින කියාගන්න බැරි ඒ  වේදනාව කා වෙනුවෙන්ද ඇති වෙන්නේ ටේහ්‍යුන්ග් ?

මට කියන්න එපා ඔහු වෙනුවෙන් ඔයා දුක් වෙනවා කියල නම්...

ඒත් වැරදිලාවත් ඔයා ඔහු වෙනුවෙන් දුක් වෙනවද?

අසරණයෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරලා ඒ අසරණයගේ ජීවිතේ විනාශ කරලා දැන්මට තමුන් දැන් දුක් වෙනවද?

මට කියන්න ඔයා රගපානවා නේද ටේහ්‍යුන්ග්? ඒත් ඇයි අද ඔයා මාව දැක්කම ඒ විදියට හැසිරුනේ ?මට කියන්න එපා ටේහ්‍යුන්ග් ඔය ඇස් වලින් ගලපු කදුලු ඔහු වෙනුවෙන් කියලා....

බෝගම් ඔයාට ඕනේ කරන දේවල් දෙන්නේ නැති නිසා ඔයා ඒවා මගෙන් බලාපොරොත්තු වෙනවා නේද?

වැරදිකාරයින්ට දඩුවම් ලැබෙනවා ටේහ්‍යුන්ග් ...තමුන්ටත් වුනේ ඒ දේමයි කරපු පවු වලට දැන් දඩුවම් විදිනවා...පාලු මැන්ශන් එකක් ඇතුකේ තනිකමෙන් හිර වෙලා ඉන්න තමුන්ට මේ දඩුවම හොද වැඩී..


පියවිලා ගියපු ටේහ්‍යුන්ග් ගෙ මූනේ ඇදිලා තියන සන්සුන් බව දිහා බලාගෙන  ජන්කුක් මිමිනුවේ ටේහ්‍යුන්ග් ගෙ වැහුනු අස් අගින් කදුලු පේලියක් පහලට රූටලා යද්දි...

ටේහ්‍යුන්ග් ගෙ ඇස් අගින් ගලපු කදුලු පේලිය දැකලා ජන්කුක් ව ගැස්සිලා ගියත්  ආපිට නින්දෙන්ම මොනවදෝ මුමුනන  ටේහ්‍යුන්ග් ජන්කුක්ට තව තව තුරුලු වෙද්දි ජන්කුක්ගේ හිතේ ඇති වුන බය නැති වෙලා ගියා...

ටේහ්‍යුන්ග් නින්දෙන් මුමුනන්නේ මොනවද කියලා දැනගන්න ඕනෙ වුන ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ තොල් ලගටම කන ලන් කලත් ඔහු මුමුනන දේවල් ජන්කුක් ට පැහැදිලිව තේරුම් ගන්න බැරිවුනා...

අපි ගෙවපු ජීවිත දිහා ආපස්සට හැරිලා බලද්දි අපි ඒ ජීවිත කොටසෙන් මේ කාලයට එකතු කරගෙන ආපු පසුතැවීම් අපිව මරවනවා නේද ටේහ්‍යුන්ග් ?
හරියට ඔයා පසුතැවෙනවා වගේ?ඔයාට මේ තරම් රිදෙන්නේ ඒ නිසා නේද?

Forbidden Desire (Taekook) Where stories live. Discover now