Chapter 33

1.7K 490 388
                                    

Comment goal 100

ටේහ්යුන්ග් ගෙ ඩුඩූගෙ ආදරය දවසින් දවස තව තව වැඩි කරමින් කාලය ගෙවිලා ගියා...

එදා පාරෙදි ටේහියුන්ගේ අතින් අල්ලන් ටේහ්‍යුන්ග් ට දුන්න වචනය ඩූඩූ ඒ විදියටම ඉශ්ට කලා..හැමදාම උදෙන් වැඩට යන ඩූඩූ ටේහ්‍යුන්ග් ව පෝශනය කරන්න මහන්සියෙන් නමුත් කියාගන්න බැරි තරම් ආසාවෙන් සල්ලි හම්බ කලා...


ටේහ්‍යුන්ග් ටත් ඩූඩූ එක්කම වැඩ කරන්න දෙන්න කියලා ටේහ්‍යුන්ග් ඩූඩුගෙන් කොච්චර ඉල්ලිම් කලත් ඩූඩූ ටේහ්‍යුන්ග් ගෙ ඉල්ලිම හැමදාම එකහෙලා ප්‍රතික්ෂේප කලා...ඩූඩූගෙ වචනයට උඩින් ගිහින් ඩූඩුගෙ හිත රිද්දන්නත් ටේහ්‍යුන්ග් කැමති වුනේ නැහැ...මොකද ඩුඩූ මේ කරන හැමදෙයක්ම ඉහටත් උඩින් ආසාවෙන් කරන්නේ කියලා ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා...

උදෙන්ම වැඩට යන ඩූඩූ ගොඩක් හවස් වෙලා ගෙදර ආවත් ඒ හැම දවසකම ටේහ්‍යුන්ග් කන්න ආස මොනාහරිම දෙයක් ටේහ්‍යුන්ග් ට ගෙනත් දෙන එක ඩූඩුට පුරුද්දක් වෙලා...

මුලු දවසම ෆාර්ම් එකේ  අවුවේ පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි වැඩ කරන්නෙත් ඩූඩූ ඒත් ගෙදර ආවම ටේහ්‍යුන්ග්ට නින්දයනකන් ඇහැරන්  ඔලුව අතගාන්නෙත් ඩූඩූ...ලස්සනයි ඒ ආදරේ ..

මනුශ්‍යයෝ කෝටියක් ගත්තොත් ලැබෙයි එහෙම ආදරයක් අල්පයකට....



කිම් පවුලේ රාජකුමාරයෙක් වගේ හැදුන ටේහ්‍යුන්ග් අන්තිමට ඩේගු කියන පුංචි ගමේ ගොවියෙක්ගේ සැමියෙක් වුනා....ටේහියුන්ග් දුක් වුනාද? එක තත්පරයකටවත් නැහැ...




ඩූඩූ හැමදාම වැඩට යද්දි ගෙදර තනිවෙන  ටේහ්‍යුන්ග් එයාගෙ තනියට අලුත් යාලුවෝ ටිකක් ඇති කරගත්තා... ටේහ්‍යුන්ග් ගෙයි ඩූඩුගෙයි  පුංචි මාලිගාවේ පුංචි වත්තේ  ටේහ්‍යුන්ග් මල් වවන්න පුරුදු වුනා..

පාලුවට ගිහින් තිබ්බ ඒ පොලව රෝස මල් වලින් ලස්සන වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ......ටේහියුන්ගගේ රෝස මල් උයන ටේහ්‍යුන්ග් ගෙ පුංචි පවුලේ ලස්සන තවත් වැඩි කලා..

ඩුඩූ ගෙදර නැති පාලුව මගෑරගන්න ටේහ්‍යුන්ග් එයාගෙ මුලු දවසම ගත කලේ රෝස මල් උයනේ...

Forbidden Desire (Taekook) Where stories live. Discover now