Chapter 23

1.7K 481 351
                                    

Comment goal 100

Past time

ටේයියෝඕඕඕඕ.

කම්මුලට අත  තියාගෙන  පෑනක් රෝල් කර කර ක්ලාස් එකේ  entrance එක දිහා බලන් ඉන්න  ටේහ්‍යුන්ග්ගේ ඇස් සතුටින් දිලිසුනේ කෑගහමින් ක්ලාස් එක ඇතුලට දුවන් ආවා කෙනා නිසා... ‍


ජිමිනියෝ.....

කැප් එකක්  දාගෙන බෑග් එක තනිකරෙන් එල්ලගෙන ෆැශන් මොඩ්ල් කෙනෙක් වගේ ක්ලාස් එක ඇතුලට ඇවිදන් එන ජිමින්ව දැකලා ටේහ්‍යුන්ග් අතක් උස්සලා කෑ ගැහුවේ හෝල් එකේ හිටපු සමහරක්ගේ  අවධානය ඔවුන්ට යොමු වෙද්දි..

ගොඩක් වෙලාද ඇවිල්ලා...මම ටිකක් පරක්කු වුනා...අපෝ අපෝ මේ මූනඇබුල් කරගන්න ඔට්ටු නෑ ටේයියෝ....

ඔයා පරක්කුයි ජිමිනි.....දන්නවනේ මම ඔයාව ඇරෙන්න මේ කැම්පස් එකේ කාවවත්ම තාම අදුරන්නේ නැහැ  කියලා .......ඔයා හරි නම් මාව බලාගන්න වේලාසනින් එන්න ඕනේ...

ටේහ්‍යුන්ග් ජිමින්ට රවාගෙන  ඉද්දි ටේහ්‍යුන්ග් ගේ රතු වෙලා තියන කම්මුල් මිරිකපු ජිමින් හිනාවෙලා  ටේහ්‍යුන්ග්ට එහා පැත්තෙන් ඉද ගත්තා...

හරි හරි මෝඩයෝ චූටි වෙලාවකටනේ පරක්කු වුනේ....මම පොරොන්දු වෙනවා ආයෙ කවමදාකවත් ඔයාට මන් එනකන් බලාගෙන ඉන්න මම ඉඩ තියන්නේ නැහැ....හැමවෙලේම ඔයා වෙනුවෙන් ඔයා ලගටම වෙලා ඉන්නවා මෝඩ බෙයා...

ටේහ්‍යුන්ග් ගෙ ඔලුව මත අත තියලා ජිමින් හිනාවෙවී කිවුවේ ටේහ්‍යුන්ග් ගේ මූනේ ලස්සන හිනාවක් ඇදිලා යද්දි..

ඔන්න පොරොන්දු වුනා හරිද? හැබැයි මන් වෙනුවෙන් මට ඔයාව ඕනේ කරන දවසක ඔයා මන් ලග නොහිටියොත් අපි දෙන්නගෙන් කාටහරි නරකක් වෙයි හරිද? ඔයාගෙ ටේයියා මැරිලා යයි ඔයා ඔයාගෙ පොරොන්දුව කැඩුවොත්...මගේ ඔලුවේ අත තියලනේ දිවුරුවේ...

ටේහ්‍යුන්ග් හිනාවෙවී සෙල්ලමට ඒ කතාව කියද්දි ජිමිනුත් ටේහ්‍යුන්ග් එක්කම හිනාවුනේ ඔවුන් දෙදෙනා එදා ඒ වචන වල ගැබ් වෙලා තියන බරපතල කම ගැන මහ ලොකු තැකීමක් නොකරපු නිසා...


Forbidden Desire (Taekook) Where stories live. Discover now