Chpater 7

2.2K 569 259
                                    

Comment goal 100


සීතල කපාගෙන හමන හුලන් ටේහ්‍යුන්ග් ගේ කැරලි ගැසුනු කොන්ඩ කැරලි වල හැපි හැපි ගමන් කලේ හුලගත් එක්කම තාලෙට ටේහ්‍යුන්ග් ගේ කොන්ඩ කැරලි දග කරද්දි....බැල්කනි එකේ ගැට්ට උඩට නැගලා අත් දෙක දෙපැත්තට විහිදගෙන හමන හුලග විදිමින් ඉන්න ටේහ්‍යුන්ග් දිහා ජන්කුක් බලන් හිටියේ ගල් ගැහිලා වගේ .....

ටේහ්‍යුන්ග් කටහඩ පලවෙනි වතාවට ඇහුවට පස්සේ ජන්කුක්ගේ මූනේ ඇදිලා ගියපු හැඩරුව දිහා ටේහ්‍යුන්ග් බලන් හිටියා....ජන්කුල්ගේ මංමුලා වුන ඇස් දකිද්දි ටේහ්‍යුන්ගේ මුව අග නැගුනේ සමච්චල් සහගත හිනාවක්...

"ටේ.හි..යුන්..ග් ස...ර් ඔ..ත..නින්..බ..හින්න ඔයාව වැ.ටෙ..යි...."

තමන් නොහිතා තියන එක පොඩි පියවරකින් ජීවිතය වුනත් නැති වෙලා යන්න පුලුවන් තරම් උඩක හිටගෙන හරිම සැහැල්ලුවෙන් හිනාවෙන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ජන්කුක් ගොත ගැහුවා....


තමන් දිහාවට යොමු වෙලා තියන ටේහියුන්ග් ගේ ඇස් දිහා ජන්කුක් බලාගෙන හිටියේ ඒ ඇස් වල ජන්කුක් අද අලුත් දෙයක් දැක්ක නිසා....වෙනදට හිස් බවින් පිරිලා තියන ඒ ඇස් වල එක තත්පරයකට මොකක්දෝ හැගීමක් ඇදිලා යන දිහා ජන්කුක් බලාගෙන හිටියා ඒත් ඊලග තත්පරේම ආයෙමත් ඒ ඇස් හිස් බවින් පිරිලා ගියා....

"ඉතින්? මොකද වෙන්නේ?"


ජන්කුක්ගේ වචන ගැන කිසිම තැකීමක් නොකර ටේහියුන්ග් කිවුවේ ජන්කුක්ගේ ඇස් තව තව පුදුමෙන් විශාල වෙද්දි..

"ඇයි ඔයා බයද ජන්කුක්ශි?"

ජන්කුක් ගේ ඇස් දිහා කෙලින් බලන් ටේහ්‍යුන්ග් එහෙම අහද්දි ඔහු දිහාවට යොමුවෙලා තියන ඒ ඇස් මගහරින්න ජන්කුක්ට ඕන කලා..ටේහියුන්ග් ගේ ඇස් දිහා කෙලින් බලද්දි ජන්කුක්ට දැනුනේ එයාගේ ඇතුලාන්තයම ටේහියුන්ග්ට ඒ ඇස් වලින් කියවන්න පුලුවන් ඇති කියලා ඒ තරම් තියුනු බැල්මක් වගේම බලන කෙනෙක්ගේ ඇගම සීතල වෙලා යන බැල්මක් ටේහියුන්ග්ට තිබුනා....

"ඔතනින් බහින්න ටේහ්‍යුන්ග් සර්.....නැත්තම් මම"

"නැත්තම් මොකක්ද?...."

Forbidden Desire (Taekook) Where stories live. Discover now