Chapter 31

1.5K 488 175
                                    

Comment goal 100

අවුරුදු ගානක හැංගි හොරා ආදරයේ අවසානයෙදී ටේහ්‍යුන්ග්නුයි ඩූඩූයි
ඔවුන්ගෙම වුනාට පස්සේ ඊලගට ජින්ලා ටේහ්‍යුන්ග්ලව එක්ක ගියේ ඔහුයි නම්ජුනුයි ටේහ්‍යුන්ග් ලා වෙනුවෙන් ලෑස්ති කරපු වෙඩින්ග් ගිෆ්ට්  එක  දෙන්න...

පල්ලියෙන් එලියට ආපු ජෝඩු දෙකම හිනාවෙවී පාරේ අත් අල්ලන් කතා කර කර ආවත් ඔවුන් ටික දුරක් ඇවිදන් එද්දි මහ වැස්සක් කඩන් වැටෙන්න ගත්තේ ටේහ්‍යුන්ග්ව ලගට ගත්ත ඩූඩූ ටේහ්‍යුන්ග් ව ඔහුගේ  අත් අතර හන්ගගද්දි....

ඒත් මහ වැස්සට මුවාවෙන්නවත් වහලක් නැති පාලු පාරක අනුකම්පාවක් නැතුව කඩන් වැටෙන වැස්සෙන් ඩූඩූ එයාගෙ වින්ටර් බෙයාව කොහොම හංගගන්නද?

ඩූඩු වගේම ටේහ්‍යුන්ග්නුත් තද වැස්සට තෙත බරිත වෙන්නම තෙමුනේ ඩූඩූ එයාගෙ කෝට් එකත් ගලවලා ටේහ්‍යුන්ග් ගෙ කරට දාද්දි...

ටේහ්‍යුන්ග් ඔහු ලගට ආපු පලවෙනි දවසෙම වැස්සකින්වත් ටේහ්‍යුන්ග් ව ආරාක්ශා කරගන්න බැරි හැගීම ඩූඩුගේ හදවත රිද්දුවා....


මොකද මේ?

ටේහ්‍යුන්ග් දිහා දුකෙන් බර වුන ඇස් දෙකෙන් බලන් ඉන්න ඩූඩූගෙන් ටේහ්‍යුන්ග් ප්‍රශ්න  කලා....

මුකුච් නෑ...



වැස්ස ලස්සනයි....ඩූඩූ දන්නවද?වේලිලා ගියපු පොලව  ජීවත් වෙන්න තියන ඔක්කොම බලාපොරොත්තු අතහැරිය වෙලාවක මේ වගේ නොකියා කඩාවැටෙන වර්ශාවන් වේලිලා ගියපු පොලවට ආයෙමත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනවා..

මේ වැස්සත් එහෙමයි...අපිට නොකියම අද කඩාගෙන වැටෙන මේ වැස්ස අපි දෙන්නට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දෙයි මගෙ ඩූඩූ..

අපේ ජීවිත වලට  ලැබෙන හැම දෙයක්ම අපි සතුටෙන් බාරගන්න ඕනේ  ඩූඩූ...මේ වැස්සට අපි තෙමෙන්නත් මොකක් හරිම හේතුවක් ඇති...තේරුනාද?

ඩූඩූගේ මැලවිලා ගියපු කම්මුල් අතින් මිරිකන ගමන් හිනාවුන ටේහ්‍යුන්ග් ඩූඩුගේ උනුහුමට තව තව ගුලි වුනා....















Forbidden Desire (Taekook) Where stories live. Discover now