Chapter 24

1.5K 482 307
                                    

  Comment goal 100

මම දන්නේ නැහැ හියුන්ග්....ඒත් මෙතන මොකක් හරි ලොකු වැරැද්දක් තියනවා....මට ඒක හොයාගන්නකන් සැනසීමක් නැහැ...ටේහියුන්ග් අපි හිතන කෙනා නෙවේ නම් හියුන්ග්? ඇත්ත්ටම අපි කවුරුත් නොදන්න ලොකු කතාවක් මෙතන හැංගිලා තියෙනවනම්?


මම දන්නෙ නැහැ ජන්කුක් තමුන් හිටිහැටියෙම තමුන්ගේ අදහස් වෙනස් කරන්නේ ඇයි කියලා...ඒත් අමතක කරන්න එපා මගේ මැනික පණපිටින් ඉන්න මලමිනියක් ගානට වැටෙන්න කලින් එයා කිවුවේ කාගෙ නමද කියලා....බෝගම්ව හරි අපූරුවට කසාද බැදගෙන කුමාරයෙක් වගේ ජීවත් වුනේ කවුද කියන එකත් අමතක කරන්න එපා ජන්කුක්...මම දන්නේ නැහැ තමුන් පාර්ක් ටේහ්‍යුන්ග් ගෙන් දකින මේ වෙනස මොකක්ද කියලා ..මම දන්නේ මම ඇස් දෙකෙන් දැක්ක දේ සහ මගේ මැනිකගෙ කටින් මම ඇහුව දේ විතරයි....පුලුවන් ඉක්මනින් ඔය පාර්ක් බෝගම් කාරයගේ හැම ඉල්ලීගල් බිස්නස් එකක් වගේම උන් කරපු වැරදි පාපොච්චාරණය කරවන්න උන්ට තියන ලොකුම දුර්වලතාවය හොයාගන්නවා ජන්කුක්....
තමුන් මාසෙකටත් වැඩිය ඔය මැන්ශන් එකට වෙලා මොනවා කොහොම කරනවද මන් දන් නැහැ. මගේ අහිංසකයා වෙනුවෙන් යුක්තිය ඉශ්ට කරනවා....

හරි හරි කාල්ම් ඩවුන් හියුන්ග්....මම අද කොහොමහරි මේ ප්‍රහේලිකාවේ ලොකු කොටසක් විසදනවා.. මට අද දවසත් දෙන්න...මම අද කොහොම හරි බෝගම්ගේ ඔෆිස් රූම් එකට රිංගගන්නවා...ගිය සැරේ මම ඒකට රිංගගත්ත වෙලේ මට වැඩි යමක් හොයාගන්න බැරි වුනත් මේ සැරේ නම් මම ෆෙයිල් වෙන්නේ නැහැ..


කරන දෙයක් පරිස්සමෙන් සහ ඉක්මනින් ජන්කුක්...ගෙවෙන හැම දවසක් පාසාම බෝගම් බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ උඩටම යනවා....මෙහෙම ගියොත් අපිට කවදාවත් බෝගම්ව පහලට ඇදලා දාන්න බැරි වෙයි ජන්කුක්....ඌ තිරිසන් සතෙක්....


වැඩියෙන් උඩ යන්න යන්න පහලට වැටෙන්න තියන සම්භාවිතාව වැඩී හියුන්ග්...



පරිස්සමෙන් ජන්කුක්

හරි හියුන්ග්..ඔය දෙන්නත්.....




බීප්....බීප්.....බීප්ප්....







ජන්කුක් ගේ පැත්තෙන් ෆෝන් එක විසන්දි වෙද්දි නලලට වැටුන කෙස් ටික අතින් හදලා පස්සට කරමින් නම්ජුන් ඔහු දිහාවට හැරුනා ඒත් එක්කම  නම්ජුන් ගේ හදවත නතර වෙලා ගියා...


Forbidden Desire (Taekook) Where stories live. Discover now