Chapter 44

1.7K 494 375
                                    

Comment goal 100

රෑ නින්දෙදි ටේහ්‍යුන්ග් හීනෙන් කියව කියව අඩන්න ගත්ත නිසා උදේ වෙනකන් ජන්කුක් ටේහ්‍යුන්ග් ලගට වෙලා ටේහ්‍යුන්ග් ගෙ ඔලුව අතගගා ඔහු ගෙ පිටට තට්ටුකර කර ටේහ්‍යුන්ග් ව නිදිකෙරෙවුවා...

මගෙ පීචස්...ගොඩක් විදෙවුවා නේද ඔයා...මට කියන්න මම කොහොමද ඔයාගෙ දුක මං ලගට ගන්නේ....මට පුලුවන්නම් ඔය හැම දුකක්ම මගේ කරගන්නවා...ඒත් මේ පවුකාරයට එහෙම කරන්න බැහැ....හැම රෑකම නිදියගන්න බැරුව ඔයා මෙහෙම අඩනවද මගේ මැනික....

ජන්කුක් ට ගුලි වෙලා නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග් ගෙ නලලතෙ ජන්කුක් හාදුවක් තිබ්බා...

හියුන්ග් ඔයාට ගොඩක් ආදරය කරන්න ඇති නේද ටේහ්‍යුන්ග් ....මට කවදාවත් හියුන්ග්ගේ තැන ගන්න බැරි බව මම දන්නවා...ඒත් කවදමහරි මගෙ හැගීම් ඔයාට කියන්න තිබ්බනම් එදාට ඔයා මට ඔයාගෙන් ඈතට යන්න කිවුවත් මම ඈතින් ඉදන් හරි ඔයා දිහා බලාගෙන ඉන්නවා....

තව ටික දවසයි මගෙ පීචස්...අනිත් තිරිසනාවත් මරලා දැන්මම මම ඔයාව මේ පවුකාර සොහොන් පිට්ටනියෙන් ඈතකට එක්ක යන්නම්....

ජීවිතේ විදින්න මම ඔයාට කියලා දෙන්නම්..ඒත් මගෙ මේ හැම ආශාවක්ම ,පැතුමක්ම හීනයක් විතරක් වෙයි කියලා දැනෙද්දි මං කොහොමද මගෙ ආදරේ ඔයාට කියන්නේ...


ජන්කුක් සර් ......

ජන්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරන හඩ ඇහෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ ඔලුව එයාගෙ පපුව උඩින් උස්සලා පරිස්සමට කොට්ටෙ උඩින් හාන්සි කෙරෙවුවා...ඇදෙන් බැහැලා දොර දිහාවට ගියපු ජන්කුක් දොර අරිද්දි දොර ඉස්සරහා ජෙනට් හිටගෙන හිටියා...



ටේහ්‍යුන්ග් සර් නිදිද?

හ්ම් ඔවු ජෙනට්...

ජන්කුක් සර්ට මට දෙන්න දෙයක් තියනවා...

ජෙනට් එයාගෙ අත් අතර ගුලි කරගෙන හිටපු පුංචි කැමර් එකක් ජන්කුක් ගෙ අත උඩ තිබ්බා....

ජන්කුක් සර් හියුන්ග් ව දැකලා නැහැ කිවුවා නේද? හියුන්ග් ඉන්නවා බලන්න...


කිසිම බැදීමක් නැතුව ජෙනට් අපිට කරන මේ උදවු වලට මම කොහොමද ජෙනට් ස්තූති කරන්නේ...

Forbidden Desire (Taekook) Where stories live. Discover now