Chapter 6

2.1K 609 221
                                    

comment goal 100

ජන්කුක් පාර්ක් මැන්ශන් එකේ වැඩට ඇවිත් අදට සති දෙකක් වෙනවා....එත් එදා ‍රැයෙ සිද්ද වුනු සිදුවීමෙන් පස්සේ ටේහ්‍යුන්ග් ගෙන් ජන්කුක්ට ලැබුනු චූටි ප්‍රතිචාරයටත් මේ වෙනකොට නතර වෙලා තිබුනා.....ඇත්තෙන්ම ජන්කුක්ට සිද්ද වුනේ බෝනික්කෙක් වගේ බලාගත්ත අත බලන් ඉන්න මනුස්සයෙක්ව පැය විසි හතරම මුර කරන්න විතරයි....

ජන්කුක් මේ වෙද්දි ටේහ්‍යුන්ග් ගේ දින චර්‍යාව හොදටම අදුරගෙන තිබුනේ බෝගම් උදෙට මැන්ශන් එකෙන් ඔෆිස් එකට යනකම් නිදාගන්න ටේහ්‍යුන්ග් බෝගම්ගේ වාහනේ ස්ටාර්ට් වෙනවත් එක්කම ඇදෙන් බහිනවා ....උදේට කරන්න ඕනේ වැඩ ටික කරගෙන එහෙන්ම රොබො කෙනෙක් වගේ කෑම මේසෙට ඇවිදන් යන ටේහ්‍යුන්ග් උදේට කෑම අරගෙන ආයෙමත් කාමරේට ඇවිත් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා මුලු දවසම බ්ලැන්කට් එක අස්සට වෙලා කාලය ගත කරනවා......දවල් වෙද්දි මේඩ්ලා වදෙන් පොරෙන් ඔහුට කෑම ටිකක් කැවුවොත් මිසක් උදේ කෑමෙන් පස්සේ ටේහ්‍යුන්ග් එයාගේ කෑම දිහා බලන්නෙවත් නැහැ....

ඒ අමතරව ටේහ්‍යුන්ග් බොන පාට පාට පෙති දිහා ජන්කුක් බලන් හිටියේ කනස්සල්ලෙන්.මොකද ටේහ්‍යුන්ග් ඒවා බොන්න බැහැ කියලා රන්ඩු කරයි, කලබල කරයි කියලා ජන්කුක් බලාපොරොත්තු වුනත් එදා රැයින් පස්සේ ටේහ්‍යුන්ග් ගෙන් කිසිම කලබලකාරි හැසිරීමක් ජන්කුක්ට දකින්න ලැනුනේ නැහැ....

හරිම සන්සුන්.....මේ සන්සුන් කාරි බව ජන්කුක් ව තවත් බය කලේ හැම කුනාටුවකටම කලින් හැමදෙයක්ම පවතින්න්නේ ඕනෙවටත් වඩා සන්සුන්ව බව ජන්කුක් දැනන් හිටිය නිසා....

ඒ නිසා ජන්කුක් පුලුවන් තරම් ටේහ්‍යුන්ග් ට අවදානය දුන්නේ ඕනෙම වෙලාවක ඕනෑම දේකට සූදානම් ශරීරෙන් ඉන්න එක වඩාත් හොද නිසා...

ජන්කුක් ට අනුව නම් ටේහ්‍යුන්ග් කියන්නේ ප්‍රෙහේලිකාවක්....
විසදගන්න තියා විසදන්න පටන් ගන්නේ කොතනින්ද කියලවත් හිතාගන්න බැරි අගක් මුලක් පේන්නේ නැති ප්‍රරේහෙලිකාවක්...








"සර් ...සර් මට එන්න කිවුවද?"


බෝගම්ගේ ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ඇතුල් වුන ජන්කුක් එහෙම ඇහුවේ කෝට් එකත් අතට අරන් බෝගම් එයා ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටිද්දි...

Forbidden Desire (Taekook) Where stories live. Discover now