Chapter 43

1.6K 485 302
                                    

Comment goal 100

ජන්කුක් හිටියෙ කල්පනා ලෝකයක...
අනාගතයක් නැති හැගීම් ගොන්නක් අතරේ හිර වෙලා කල්පනා ලෝකෙ ගිලිල හිටිය ජන්කුක්ගෙ කල්පානා ලෝකේ බිදිලා ගියේ දෙපැත්තට වෙන්න ජන්කුක්ගෙ කාමරේ දොර හයියෙන් ඇරෙනවාත් එක්කමයි...

මේ වගේ තට්ටුකිරීමකින් තොරව ජන්කුක් ගෙ කාමරේ දොර අරින්නෙ වෙන කවුද ?
කොෆි ට්‍රේ එකක් අතේ තියන් ජන්කුක් දිහා දොර ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලලා ජන්කුක් හිනාවුනා...

ටේහ්‍යුන්ග් සර්....

කිසිම ගනනක් නැතුව සුදු ශර්ට් එකක් විතරක් ඇදගෙන ඉන්න ටේහ්‍යුන්ග් ගෙන් ජන්කුක් ආයෙමත් ඇස් අහකට ගත්තා...

ජන්කුක් ගෙ ඇද ලගට අඩි තිබ්බ ටේහ්‍යුන්ග් ජන්කුක් ට කෝෆි ට්‍රේ එක දික් කලා....

වචනයක්වත් කතානොකර කෝෆි එක දික් කරගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලලා ජන්කුක් කෝෆි එක අතට ගත්තා...

දෙකම ගන්න..දෙකම ඔයාට.....


ටේහ්‍යුන්ග් සර් කොහොමද දන්නේ?

ඩූඩූටත් දෙකක් ඕනේ...

ටේහ්‍යුන්ග් එයාගෙ පරන මතකයන් මතක් කරලා හිනාවෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ අහිංසක හිනාව දිහා බලන් හිටියා....

කොෆි ට්‍රේ එක පැත්තකින් තිබ්බ ටේහ්‍යුන්ග් ජන්කුක් ලගින් ඉදගත්තා...

ටේහ්‍යුන්ග් ජන්කුක් ලගින් ඉදගනිද්දි ජන්කුක්ගෙ හිත නොසන්සුන් වෙලා ගියත් ජන්කුක් ඒ බවක් ටේහ්‍යුන්ග් ට පෙන්නනෙ නැතුව කොෆි කප් දෙකෙන්ම කොෆි බොන්න ගත්තා....

ටේහ්‍යුන්ග් ගෙ බැල්ම ජන්කුක් ගෙ හදවතෙ ගැස්මත් වැඩි කලා...ඇහි පියවත් නොගහා ටේහ්‍යුන්ග් ජන්කුක් කෝෆි බොනව බලන් ඉන්නවා...

ටේහ්‍යුන්ග් සර් වැරදියට හිතන්නේ නැත්තම් මං දෙයක් අහන්නද?

අහන්න....

ටේහ්‍යුන්ග් සර්ගෙ කකුල් වල කැලැල් ටේහ්‍යුන්ග් සර්ට ලැබුනේ කොහොමද? බෝගම් ආයෙමත් ටේහ්‍යුන්ග් සර්ට රිද්දුවද?

Forbidden Desire (Taekook) Where stories live. Discover now