Chapter 4

2.3K 612 176
                                    

ජන්කුක් ටේහ්‍යුන්ග් ට හිස නමලා ආචාර කලත් ඔහුගෙන් ජන්කුක්ට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ ..ඒ වෙනුවට ටේහ්‍යුන්ග් කලේ එයා ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා ජන්කුක්ව දැක්කෙවත් නැති ගානට එතනින් යන්න යන එක....

ජන්කුක් අද ඉදන් ටේහ්‍යුන්ග් ගේ බොඩිගාර්ඩ් ඉතින් බෝගම් අණ කලා වගේ ජන්කුක් ඔහු ලගින්ම ඉන්න ඕනේ නිසා ජන්කුක් ටේහ්‍යුන්ග් ට අපහසුතාවයට නොදැනෙන දුරින් ටේහ්‍යුන්ග් පිටිපස්සෙන් යන්න ගත්තා...

කෑමකාමරෙන් පස්සේ ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ එයාගේ බෙඩ් රූම් එකට.ජන්කුක් බලන් ඉද්දිම ඇදට නැග්ග ටේහ්‍යුන්ග් ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පොරෝගෙන බ්ලැන්කට් එක ඇතුලේ හැංගිලා ගියේ මේ අමුතු මනුස්සයා දිහා බලාගෙන ජන්කුක් ලොකු හුස්මක් පිට කරද්දි.

ආහ් හිතුවට වඩා මට මේ වැඩේ ලේසි වෙයි වගේ.මෙයා මෙයාගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.මට දැන් එතකොට තියෙන්නේ මෙතනට වෙලා බලන් ඉන්න එක විතරයි. මම මේ පුටුවෙන් ඉදගත්තොත් මෙයා මට බනීද?

"අහ්ම්....සර්....මම මෙතනින් ඉදගත්තට කමක් නැද්ද?"

ජන්කුක් හිතුවත් වගේම ටේහ්‍යුන්ග් ගෙන් එයට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ....

පැය ගනනක් ගෙවුනා ටේහ්‍යුන්ග් දවල් කෑම කන වෙලාව වෙනකන්ම එයා හැන්ගිලා ගියපු බ්ලැන්කට් එක අස්සෙම ගුලි වෙලා හිටියා.


ටොක්...ටොක්...ටොක්.....


මේඩ් කෙනෙක් ඇරලා තිබුනු දොරට තට්ටු කලේ ජන්කුක් දොර දිහා හැරිලා බලද්දි..


"සර් පොඩි මහත්තයාගෙ දවල් කෑම එක ගෙනාවා...."


මේඩ් ජන්කුක් දිහා බලලා හිනාවෙලා කිවුවේ....
ජන්කුක් මේඩ්ට කාමරය ඇතුලට එන්න පුලුවන් කියලා අතින් සන් කරද්දි... මේඩ් ට්‍රේ එකත් එක්ක කාමරය ඇතුලට ආවා..




"ටේහ්‍යුන්ග් සර්....මම ඔයාගෙ කෑම එක අරන් ආවා.....සර්....."



මේඩ් ටේහ්‍යුන්ග් ගේ ඇද ලග හිටගෙන ආචාරශීලීව කතාකලත් ටේහ්‍යුන්ගගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ...



Forbidden Desire (Taekook) Where stories live. Discover now