Chapter 26

1.5K 459 321
                                    

Comment goal 100

ඒයි ඩූඩූ ,ටේ තමුසෙලා දෙන්නටම අද මොකක්ද මේ  හැදිලා තියන පිස්සුව කියලා මට දැනගන්න පුලුවන්ද?

ආපු වෙලේ ඉදන් දෙන්නත් එක්කම වෙනම ලෝක වලට වෙලා තනියම හිනාවෙනවා තොපි දෙන්නට මාව පේන්නේ නැද්ද යකුනේ....

ජිමින්ව මැදින් ඉන්දගෙන දෙපැත්තට වෙලා ඉදගෙන තමන්ගෙම ලෝක වලට වෙලා තනියම හිනාවෙන ටේහ්‍යුන්ග් ගෙයි ඩූඩූගෙ  ඔලු වලට පොත් දෙකකින් ජිමින් ගැහුවේ දෙන්නම ඔලුව අල්ලන් ජිමින් දිහා ඔරවලා බලද්දි..


ඩූඩූ ඔයත්? පේනවද පේනවද මේ කොටිපැටියගේ නරක ආශ්‍රය මෙයත් දැන් මට රවන්න පටන් අරන්...


ඩූඩූ ලැවුවේ නෑ මෝචී මාත්තයට..

ලැවුවේ නෙවේ ඒක රැවුවේ...

ටේහ්‍යුන්ග් ඩුඩූගෙ අතට එකක් ගහලා එහෙම කිවුවේ ඩූඩූ ඇස් දෙකත් බෝල කරන් ටේහ්‍යුන්ග් දිහා බලද්දි..

මං දිහා බලන් ඉන්න කියලා නෙවේ මන් කිවුවේ...කෝ කියන්න රැවුවේ...

ලැවුවේ...

නැහැ නැහැ දෙයියනේ ලැ නෙවේ රැ...රැවුවේ....

ලැවුවේ...

ආයිශ් ජිමිනි මට ඔය වතුර බෝතලේ දෙන්න..මට එන කේන්තියක් මේකා එක්ක....

ටේ එයාගෙ නලල අතින් මිරික මිරික එහෙම කියද්දි හිස්ව තිබුනු පන්ති කාමරයට ලමයි එක්කෙනා එක්කෙනා එන්න පටන් ගත්තා..

ලමයි පන්තියට ඇතුල් වෙද්දි මෙච්චර වෙලා ඔලුවෙ අත ගහගෙන හිටිය ටේ පුටුවේ කෙලින් වෙලා entrance එකේ දොර දිහා උනන්දුවෙන් බලන්න ගත්තේ ඔහුගේ  ඇස් දිහාවට කාගෙමහරි  ඇස් යොමුවෙනවද බලන්න....

ලමයි එක්කෙනා දෙන්නා පන්තියට ඇතුල් වුනත් ඒ කිසිම කෙනෙක් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ නැහැ....නහයෙන් පිම්බ ටේහ්‍යුන්ග් ඩෙස්ක් එක උඩ නිකට තියාගත්තේ ටේහ්‍යුන්ග් ගේ මේ වෙනසට ඩුඩූ ජිමිනුයි දෙන්නම ටේහ්‍යුන්ග් දිහා බලද්දි.

ඒ ගමන මොකද වුනේ...

මුකුත් නෑ...ඔය දෙන්නා ඔය දෙන්නගේ වැඩක් බලාගන්න...

Forbidden Desire (Taekook) Where stories live. Discover now