Chapter 29

1.5K 487 371
                                    

(මම මේ සිංදුව දාන දාන සැරේට ඔයාලා අහන්න ඕනේ නැහැ..ඒත් මේක තමා කතාවේ theme song එක...මම කතාව විදින්නේ මේ සිංදුවෙන්..කැමති අය ඒක අහ අහ කියවන්න)

Comment goal 100

ඩූඩූ මගෙ මැනික මොකද රත්තරනේ මේ අඩන්නේ.....

ඉබාගාතේ පාර දිගේ ඔහේ ඇවිදගෙන ආපු ඩූඩූ ජින්ගෙ මතකෙන් ජින්ගෙ කැෆේ එක දිහාවට හැරිලා ජින් හොයාගෙන ඇවිද්දා...


මැනිකේ...අනේ කතාකරන්නකෝ ...අනේ රත්තරනේ ඇයි අඩන්නේ...කෝ මගෙ ඩූඩුගෙ වින්ටර් බෙයා...

හිස් අතින් අඩාගෙන ඇවිත් ජින්ව බදාගත්ත ඩූඩුගේ ඇස් වලින් කඩන් වැටෙන කදුලු අතින් පිහිද පිහිද ජින් ප්‍රශ්න කලත් ඩූඩූ කලේ අඩ අඩම ජින්ව බදාගන්න එක විතරයි...

ඒ කොල්ලා මගේ අහිංසකයගේ හිත රිද්දුවද?

ජින් ඩූඩුව පපුවට තුරුලු කරගන්න ගමන් ඇහුවේ ඩූඩූ නැහැ කියන්න ජින්ගෙ පපුවෙම ඔලුව හොලවද්දි..

එහෙනම් කියන්නකෝ මගේ මැනික..ඇයි මේ අඩන්නෙ...

වින්ටර් බෙයාව හොලු අලන් ගියා..ඩූඩුගෙ බෙයාව අලන් ගියා

අඩ අඩම ඩූඩු කියන කතා ජින්ට නොතේරුනත් ජින් ඩූඩුගෙ ඔලුව අත ගගා ඩූඩූ කියන කතා අහගෙන හිටියා..

මැනික හියුන්ග්ට තේරෙන්නෙ නැහැනේ...

තේලුම් ගල්ල එපා...ඩූඩුට වින්ටර් බෙයා කෙනෙක් නෑ කීලා විතලක් තේලුම් ගල්ල...
හොලු අලන් ගියා..

ඩූඩූ මන්ද බුද්දිකයෙක්...ඩූඩූ හිගල්ලෙක්...ඩූඩූ ආදලේට සුදුසු නෑ..එයාලා ඇත්ත කීවේ..ඩූඩූ මොකෙක්ද බේබි එක්ක...


අනේ අනේ මගේ මැනිකේ මොනාද මේ කියවන්නේ .වචන කියන්න පුලුවන් පලියට වචන කියන්න එපා...ආදරේ කරන්න ඔය කිසිම දෙයක් ඕනේ නෑ මගෙ මැනික .

ආදරේ කලන්න ඒනම් මෝනාද් ඕලි හියුන්ග්?

ආදරේ කරන්න ලස්සන හදවතක් විතරක්  තිබ්බොත් හොදටෝම ඇති මගේ මැනික...

ඒ කතා පොත් වලනේ හියුන්ගි...සමාජෙට ඒවා ඕනිලු....

ඩූඩූ නෝති...ඩූඩූ ආදලේ ආදලේ කිය කිය බේබිගෙ ලස්සන ජීවිතේ නැති කලන්න ගියේ...


Forbidden Desire (Taekook) Where stories live. Discover now