Chapter 41

1.6K 481 232
                                    

Comment goal 100

පාර්ක් මැන්ශන් එකට ඇතුලු වුන මින්හොගෙ වාහනය මැන්ශන් එක ඉස්සරහ නතර වෙද්දි මැන්ශන් එකෙන් එලියට කවුරුත්ම ආවේ නැහැ....

මින්හොගෙ හිතේ සැකය තව තව වැඩි වෙද්දි මින්හෝ කාර් එකෙන් එලියට බැස්සා...

කාර් එකෙන් බැහැලා මැන්ශන් එකේ දොර දිහාවට ඇවිදන් එන මින්හොට ඇහෙන්න ගත්තෙ පියානෝ වාදනයක්....

මැන්ශන් එකේ පියානෝ එක වාදනය වෙද්දි නොඉවසිල්ලෙන් ඇවිදන් ආපු මින්හෝ මැන්ශන් එකේ ඉස්සරහ දොර දෙපැත්තට වෙන්න අතින් තල්ලු කරලා කරලා දැන්මා...

මින්හෝ පුදුම වුනා....ගොඩක් පුදුම වුනා.....

මැන්ශන් එක මැද තියන පියානෝ එක ලග වාඩි වෙලා ඉන්න ටේහ්‍යුන්ග් පියානොව වාදනය කරනවා....

ටේහ්‍යුන්ග් ඇර මැන්ශන් එකේ වෙන කිසිම මනුස්සයෙක් පේන්න නැහැ...

ඇස් පියාගෙන පියානෝව වාදනය කරන ටේහ්‍යුන්ග් ගෙ ඇගිලි පියානෝව දිගේ කඩිසරව ගමන් කරනවා....

ටේහ්‍යුන්ග් ගෙ වාදනය මින්හොගෙ ඇග හිරිවැට්ටුවා.....
දරාගන්න බැරි කදුලු කතාවක පලිගැනීමේ වාදනය මින්හොගෙ කකුල් ගල්කලා.....

ටේහ්‍යුන්ග් ඔයා හොදින්ද?

මින්හො ටේහ්‍යුන්ග් ට කතාකලත් ටේහ්‍යුන්ග් ගෙන් මින්හොට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ...

ක්ලයිමැක්ස් එකට ගලාගෙන යන ටේහ්‍යුන්ග් පියානෝ වාදනය එන්න එන්න වැඩි වෙද්දි මුලු මැන්ශන් එකම පියානෝ හඩින් දෝංකාර දෙන්න පටන් ගත්තා...

මැන්ශන් එක පුරා දෝංකාර දෙන පියානෝ හඩ ඇහෙන ඕනෙම කෙන්ක්ව වෙනම ලෝකයට අරන් යන්න ඒ වාදනයට පුලුවන් වුනා....

ලස්සන ආදර කතාවක් හිත ඇතුලේ මවලා දීලා ඒ ආදර කතාව ටිකෙන් ටික විනාශ වෙලා යද්දි ඇති වෙන වේදනාව පියානෝ වාදනය තුල හැංගිලා තිබුනා..

මින්හෝ වගේ මිනිහෙක් වුනත් ටේහ්‍යුන්ග් ගෙ වාදනය ඉස්සරහා ගල්ගැහෙන්න ඇත්තේ ඒකයි..

පියානෝ වාදනය අවසාන වෙනවාත් එක්කම මින්හොගෙ ඇස් බයෙන් වගේම පුදුමෙන් විසල් වෙලා ගියේ පියානෝ එක ලග පුටුවේ වාඩිවෙලා හිටිය ටේහ්‍යුන්ග් පනක් නැතුව එකපාරටම පුටුවෙන් බිමට ඇදගෙන වැටුන නිසා...


Forbidden Desire (Taekook) Where stories live. Discover now