Chapter 21

1.7K 495 362
                                    

Comment goal 100

ජන්කුක් පාර්ක් මැන්ශන් එකට ඇවිත් අදට මාසයකටත් කිට්ටු වෙන්න ලං වුනත් ජන්කුක් ට තවමත් බෝගම්ට විරුද්දව වත් ටේහ්‍යුන්ග් ට විරුද්දව වත් එකම සාක්ෂියක්වත් හොයාගන්න බැරි වුන එක ගැන ජන්කුක් හිටියේ ලොකු කලකිරීමකින් වගේම තරහකින්...


ජන්කුක් ඉහලට පහලට ගන්න හුස්මට පවා ටේහ්‍යුන්ග්ගේ උකුසු ඇස් අවදානය දෙද්දි දිගින් දිගටම ජන්කුක් ඔහුගේ මිශන් එක ෆෙයිල් වුනා.

ටේහ්‍යුන්ග් ජන්කුක් අවට නැති වෙලාවට ජෙනට් හරි ජන්කුක් අවට ගැවසෙමින් හිටියා ..මේ අත්බූත වැඩ හැම එකක්ම ජන්කුක් ට ලොකු හිසරදයක් වෙමින් තිබුනා..

ඒත් ජන්කුක්ටත් නොදැනී ජන්කුක් ඔහුගේ මිශන් එක අසාර්ථක වෙන හැම සැරේකම කෙනෙක් ජන්කුක් ගෙ ඉවසීම ඈත ඉදන් බලාගෙන රස වින්දා...


අදත් බෝගම්ගේ ඔෆිස් රූම් එකට යාගන්න බැරුව මැන්ශන් එක ඉස්සරහ එහෙට මෙහෙට ඇවිදමින් ඇගිලි හප හප ඉන්න ජන්කුක් දිහා ටේහ්‍යුන්ග් හිනාවෙවී බලන් හිටියා...

ජන්කුක්ශි දන්නවද විලෝපිකයෙක් ගොදුරක් දඩයම් කරද්දි විලෝපිකයා ඔහුගෙ දඩයම කොයි තරම් රස විදිනවද කියලා?

පඩිපෙල බසිමින් ජන්කුක් දිහාවට ඇවිදන් එන ටේහ්‍යුන්ග් ව දැක්කම ජන්කුක් ට දැනුනේ ඔහුගේ  උගුරේ යමක් සිර වෙලා ගියා කියලා..


ජන්කුක්ගෙන් අහන්නෙවත් නැතුව ජන්කුක්ගෙ කලු ශර්ට් එකක් විතරක් ඇදගෙන හිටිය ටේහ්‍යුන්ග් ගේ තෙත කොන්ඩෙන් වතුර බිංදු බේරෙමින් තිබුනා...

බෙල්ල ලගටම දිග කැරලි ගැහුනු කොන්ඩෙන් බේරෙන වතුර බිංදු ටේහ්‍යුන්ග් ගෙ බෙල්ල දිගේ පහලට රූටලා එන හැටි ජන්කුක් ඇසි පියවත් නොගහා බලන් හිටියේ ජන්කුක්ගෙ උගුරට පිපාසයක් ඇති වෙද්දි...ටේහියුන්ග්ගේ බෙල්ල දිගේ පහලට රූටන වතුර බිංදු වලින් තමන්ගේ පිපාසය සංසිදුවා ගන්න ජන්කුක්ට ආශාවක් ඇති වුනා...

විලෝපිකයා ඔහුගෙ ගොදුර දිහා ඈතට වෙලා බලන් ඉන්නවා ජන්කුක්ශි....අහිංසක ගොදුර දන්නෙවත් නැහැ ඔහු දිහා ඈත ඉදන් බලාගෙන ඔහුගේ හැම ක්‍රියාවක්ම මාරයා විසින් රස විදිනවා කියලා..

Forbidden Desire (Taekook) Where stories live. Discover now