Chapter 11

1.9K 546 217
                                    

Comment goal 100

ටේහ්‍යුන්ග් සර්...සර් සර්ගෙ කාමරයට යන්න....දැන් ගොඩක් රෑ වෙලානෙ...

ටේහ්‍යුන්ග් ගෙ ඇග උඩින් අහකට වුන ජන්කුක් එයාගෙ ශර්ට් එකේ ඇරිලා ගියපු බොත්තම් කිහිපයක් ආයෙ දාගන්න ගමන් උගුර පාදමින් ඉවත  බලාගෙන කිවුවේ තමා දෙසට යොමු වෙලා තියන ටේහ්‍යුන්ග්ගේ රාජාලි ඇස් මගහරිමින්...

ජන්කුක්ශි මම ඔයාට කිවුවේ මගෙ ලගට එන්න කියලා...

ජන්කුක් ට ඔරවගෙන ටේහ්‍යුන්ග් ආයෙමත් ජන්කුක්ට කතාකලත් ජන්කුක් කලේ ටේහියුන්ග් කතාකරනවා ඇහෙන්නේ නෑ වගේ අහක බලාගෙන ඉන්න එක..

මට අද රැය ඔයත් එක්ක ගත කරන්න ඕනේ....


සර් ..සර්ගෙ කටින් පිටවෙන මේ වචන වල හරි තේරුමක් දැනගෙනද කතාකරන්නේ?

බෝගම් සර් හරි ටේහ්‍යුන්ග් සර්ගෙ මානසික මට්ටම හොද මට්ටමක නෙවේ තියෙන්නෙ කියලා මට දැන් හොදටම පැහැදිලියි...


ටේහ්‍යුන්ග් ගේ වැඩ නිසා ඉවසීමේ අවසන් සීමාවටම ගමන් කරමින් හිටිය ජන්කුක් වැඩිය හිතලා බලන් නැතුව ඒ වචන කියලා දැන්මේ ජන්කුක්ගේ වචන ඇහෙද්දි ටේහ්‍යුන්ග් නිශ්ශබ්දව ඇදෙන් නැගිටගද්දි..



මානසික මට්ටම හොද නැහැ? මොකටද මේ තරම් බර වචන ජන්කුක්ශි...කෙටියෙන්ම මට පිස්සු කියලා කිවුවනම් ලේසි නැද්ද?


ටේහ්‍යුන්ග් ගෙ උපහාසාත්මක වචන ඇහෙද්දි තමා ජන්කුක්ට එයා කියපු වචන වල බරපතල කම තේරුනේ...


මම අදහස් කලේ ඒක ගැන නෙ.....

මට පිස්සු නිසාද ජන්කුක්ශි මාව සිපගත්තේ?

සර් මම අදහස් කලේ එහෙම දෙයක් නෙවේ..

ජන්කුක් කලබලෙන් ආයෙමත් ටේහ්‍යුන්ග් දිහාවට හැරුනේ ටේහ්‍යුන්ග් සමච්චල් සහගත බැල්මකින් ජන්කුක් දිහා බලාගෙන ඉද්දි..

කාල්ම් ඩවුන් ජන්කුක්ශි..ඔයා හිතන්නේ ඔය වගෙ වචන කිහිපෙකට මගෙ හිත රිද්දන්න පුලුවන් කියලද? ජන්කුක්ශිට මාව ඒ තරම් දුර්වල මනුස්සයෙක් විදියට පේනවද?
ජන්කුක්ශි ඇස් වලට පේන හැමදේම විශ්වාස කරන්න එපා.....

Forbidden Desire (Taekook) Where stories live. Discover now