💗°•~02~•°💗

1.5K 231 48
                                    

වෙනදා වගේම ජන්කුක් ලෙක්චර්ස් ඉවර වෙලා යුනි එකෙන් එලියට ආවෙ ගෙදර යන්න.වෙනදට කලින්ම ඇවිත් යුනි එක ඉස්සරහ නවත්තලා තියෙන කාර් එක අද තාමත් නැති එක ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් වුනේ වෙලාවට් වැඩකරන එක සාමාන්‍යයෙන් ජන්කුක්ගෙ රියදුරු වෙලාවට වැඩකරන නිසාවෙන්.ඒක ගැන හිත හිත ඉන්නවත් එක්කම ජන්කුක් ඉස්සරහට ආපු කෙනා නිසා ජන්කුක්ට දහ අට සන්නිය ඉහමොලෙ ඉදන් පාදාන්තය දක්වා ගලාගෙන ගියේ ඒ මොහොතෙ ඒ වෙලාවෙ ඒ කෙනාව බලාපොරොත්තු නොවුන නිසාවෙන්.

"සො...සොන්..සොන්හී.."

ජන්කුක්ගෙ තොල්වලින් එ නම පිටවුනෙ බයකින් එහෙමත් නැත්නම් දෙගිඩියාවකින් වගෙ. නොදකී කියලා හිතපු කෙනා ඇස් ඉස්සරහ දකිද්දි ජන්කුක්ට කරකියාගන්න දෙයක් නැතිවුනේ,හුස්මත් හිරකවන ගමන්. ඒ රතට රතු වුන ඇස්වලින් තමන්ගෙ ඇස් හංගන්න ජන්කුක් පුලුවන් හැමදේම කරේ කවදාවත් නැති හැගිම් ගොන්නක් එ හිතේ පැලපදියම් වෙමින් තිබු අතරෙමයි

"හෙලො මිස්ට ජියොන් ජන්කුක්.හහ්..ගොඩ දවසකින් නේද??.මම හිතුවෙ තමුසෙට මාව අමතක වෙලා ඇති කියලා.එහෙනම් මාව මතකයි නේද??"

එම තරුණිය සිහියත් අසිහියත් සිටිමට හේතුව ඇගෙ අත වූ මත්පැන් බෝතලය දැකිමෙන් ජන්කුක්ට ප්‍රත්‍යක්ශ කරගත හැකිවිය. ඇගේ මත්පැන් බෝතලය දෙස ඇස ගැටුනු ජන්කුක් ක්ශනිකව ඔහුගේ අවධානය ඇගේ මුහුනට රැගෙන ගියේ කුතුහලයකින්

"සො..සොන්හි"

ජන්කුක් තම පය් ඉදිරියට ගෙන යමින් ඇය ලගට යමින් අසද්දි කොහෙදො සිට පැමිනි ජිමින් ජන්කුක්ව අල්ලා පිටුපසට කර ඔහු ඇය ඉදිරියට ගියේ ජන්කුක් වෙන දෙවල් මොලේට දාගන්න උත්සහ කරන අතරතුරමයි.

"තමුසෙ...තමුසෙ මොකටද ආයෙ ආවෙ??තමුසෙ බීලානේද??ලැජ්ජා නැද්ද??"

යුනි එකේ ඉදන් දුවගෙන ආපු ජිමින් ඇහුවෙ ඇගේ අතින් අල්ලගන්න ගමන්.ඇය ජිමින්ට විරිත්තගෙන හිනාවුනෙ ජන්කුක්ගෙ මූනට එබෙන ගමන්.ඇයට ජිමින් සමග කතාබහක් ඇතිකරගැනිමට අවශ්‍ය නොවුන බව ඇගේ එම හැසිරිමෙන් පෙනිගියත් ජිමින් ඇයව ජන්කුක් සිටින දෙසින් ඇද තමන් ඉදිරියට ගත්තේ දත්මිටිකාගෙන.

INTO U ᥫ᭡|| Jjk ✔Wo Geschichten leben. Entdecke jetzt