Into U
.
.
.
."To My Love......!"
ජන්කුක් ඒක මුමුනලා හිමීට මවුස් එක ක්ලික් කරෙ වීඩියෝ එක ඔන්කරන්න.වීඩියෝ එක ඔන් වෙද්දිම හිනාවෙවි ඉන්න සෝව දැක්කම මෙච්චර වෙලා හිරකරන් හිටිය කදුලු බින්දු ජන්කුක්ගෙ කොපුලෙ දිගේ රූටලා ගියේ කොල්ලා තොල තදින් හදාගනිද්දි...
"කොහොමද ජන්කුක්, මේ වීඩියෝ එක ඔයා දකිනවනම් එ කියන්නෙ මම ඔයාව දාලා ගොඩක් ඈතට ගිහින්.....
______________________________
මං දන්නවා මෙ වෙද්දිත් ඔය ඇස්වල කදුලු පිරෙනවා ඇති.උල්ජිමා කුකි.ඔය ඇස් අඩද්දි දිලිසුනාට හිනාවෙන වෙලේට තරම් ලස්සන අඩද්දි නැ.එ නිසා හොදලමයා වගෙ අඩන්න බැ හරිද??
මට සමාවෙන්න කුක්, ඔයාව දාලා යන්න වෙනවට.මම මෙ දරුවො දෙන්නා හදන්නැතුව හිටියොත් මට යන්න වෙන්නෙ ඔයාව තනිකරලා.ඒත් මෙ දෙන්නා ඔයාට දුන්නම ඔයා කවදාවත් තනිවෙන එකක් නැ නේද කුකි??
දන්නවද කුක් අපිට එක බබෙක් නෙමේ බබාලා දෙන්නෙක්ම හම්බෙන්න ඉන්නවා.එක්කෙනෙක් ඔයා කිව්වා වගෙම දුවෙක්,
අනික් කෙනා පුතෙක්!!
ඔයාට එක නමක් වෙනුවට නම් දෙකක් දැන් හිතන්න වෙනවා නේද??එ දෙන්නාව පන වගෙ බලාගන්න ජන්කුකි,ඔම්මා නැති පාලුවෙන් ඔයා විදෙව්වා වගෙ එ දෙන්නට විදවන්න දෙන්නෙපා රත්තරං.වෙන කෙනෙක්ව ඔයාගෙ ජීවිතේට අරගෙන දරුවො දෙන්නාට ඔම්මා කෙනෙක්ව දෙන්න කූ.මම දන්නවා ඔයා ආදරේ කරන්නෙ මට කියලා , ඒත් ඔයාට එ දෙ කරන්න පුලුවන් නේද?.
ඔයා එක්ක ගෙවුන හැම දවසටම මම ලෝභයි කුකි,
ආයෙ ආයෙම එ දවස් ගෙවන්න පුලුවන් නම් මම දෙපාරක් නොහිතම ඒ ජීවිතේ එ දවස්වලට යනවා කුක්,
මියානේ මෙච්චර ඉක්මනට මට යන්න වෙනවට,
එ වගේම මට සමාවෙන්න ඔයාට බොරුකරලා බෙහෙත් නොගත්තට,,
ඒදේ නොකරානම් ඔයා සදහටම තනිවෙනවානේ,ඒත් මම පොරොන්දු වුනා ඔයා තනිකරන්නැ කියලා , මං ගියත් එ දෙන්නගෙන් මාව පෙනෙවී.මම එහෙම කරපු එකට සමාව දෙනවා නේද මගෙ බකුසුපැටියා ම්ම්??ඔයාව දැකපු දවස මට අදවගෙ මතකයි කුක්,
එදා මාත් එක්ක රණ්ඩු වුන විදිහ,
සුදුමූන ජම්බුගෙඩියක් වගෙ රතුවෙලා තරහටම පුපුරනවා,
එ වෙලේනම් ස්ට්‍රොබෙරි ගෙඩියක් කියලා හිතාගෙන හපලා කන්න හිතුනා.ඒත් අලි ඔලුවෙන් ඉන්න ආර්ට් යුනි එකේ ජේකේ කියලා දැනගත්තම ඉහෙ ඉදන් පට්ට ගහන්න හිතුනා.දන්නවද මම ජිමිනි ඔප්පගෙ කන් අඩි පැලෙන්න බැන්නා ඔයා වගෙ යාලුවෙක් තියන් ඉන්නවා කියලා ,ඒත් දැන්නම් ඔප්පාව බදාගෙන කිස් කරන්න හිතෙනවා මගෙ කුකිව යාලුවෙක් කරගත්ත එකට"

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies