~Unexpected~
_____________________________________
_
_
_
_
_
"හියුන්, මොකක්ද වුනෙ?? ඇයි කැගහන්නෙ??"පඩිපෙල ලගට යන ගමන් ජන්කුක් අහද්දි ජින් ජන්කුක්වත් පෙරලගෙනම දිව්වෙ සෝයුන් ලගට.ජිනායාව බදන් ඉන්න සෝයුන්ගෙ අතක් අල්ලගත්ත ජින් බිම දනගහගෙන සෝයුන් දිහා බැලුවේ සෝයුන්ව වගේම අනික් අයවත් බයකරලා.
"සෝයුනා, මේ මේ ටැබ්ලට් මොනවද??...."
"මේ මම බොන ටැබ්ලට් ඔප්පා."
සෝයුන් කියද්දි ජින් බිම ඉන්දවුනේ ජන්කුක් බයෙන් බයෙන් ජින් ලගට අඩි තියද්දිමයි
"ඇයි හියුන්.?? මොකක්ද ප්‍රශ්නෙ??"
"මෙ ටැබ්ලට් දෙන්නෙ කැන්සර් පේශන්ලට නෙමෙ ජන්කුක්.මේක.,, සෝ දැන් මාස නමයක් තිස්සෙ බො..බොනවා.ජ..ජන්කුක්..මේ පෙති ශරීරයට ගොඩක් බලපාන වර්ගයක්..පේශන් කෙනෙක්ගෙ අභ්‍යන්තරයට ලො..ලොකු බලපෑමක් කරන්න මේ ටැබලට්වලට පු..පුලුවන් ජන්කුක්..අනික් දේ මේක..මේක ලෝකෙ තහනම් කරපු ටැබ්ලට් එකක්..ජ.ජන්කුක්.."
ජින්ගෙ ඇස්වලින් හෝ ගාලා කදුලු වැටෙනවා.ජින්ගෙන් පිටවෙන වචනවල බරපතලකමට සෝයුන්ව වෙවුලනවා.කකුල් දෙකත් පන නැ වගෙ දැනුන ජන්කුක් බිම ඇදන් වැටෙද්දි එ ඇස්වල තිබුන බය එ ඇස්වලින් දකින්න පුලුවන් වුනා.සන්ග්-හිගෙ අතෙ තිබුන ජිනායාගෙ කිරිබෝතලෙ පවා එ අතෙන් අතෑරුනේ මුලු ගෙදරම වේගෙන් ගන්න හුස්මවල සද්දෙ විතරක් ඉතුරු කරලා.
"ම්..මොන.මොනවද...හියුන්...කියන්නෙ..ඔ..ඔය බොරු නේද??"
නිශ්ශබ්දබව බිදපු ජන්කුක් පිස්සෙක් වගෙ ජින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන අහද්දි සෝයුන් ජිනායාව තුරුලට අරන් බදාගත්තේ වේගෙන් හුස්ම ගන්න ගමන්.
"ම.මම මේ ගැන...දන්නවා ජන්කුක්..සො..සෝ මැනික...මේක කොහොමද ඔයාට හම්බුනේ..??"
ජන්කුක්ව අත ඇරලා සෝයුන්ගෙ අතින් අල්ලගත්ත ජින් අහනකොට ජන්කුක් මාරයා වැහිලා වගෙ දත්මිටිකෑවෙ ජින් කියන දෙ ඇත්තනම් මේ දේ කරපු කෙනාට පන පිටින් ඉන්න නොදෙන තරම් තරහකින්.ජන්කුක්ගේ ඇස් දිහා බලන් සෝයුන් ජින් දිහාට හැරුනේ වෙවුලනවා තොල්වලින් වචන මුමුනන ගමන්.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies