~~~~~~Wedding planning~~~~~
"ඔප්පා මේකයි මේ..ඔන්නිනම් සුපිරි ඇ"
"ඈ...අහ්හ් ".
කෙල්ල කියද්දි ජින්ට කැස්සකුත් ආවත් හිමීට මූන හංගගෙන ඉස්සරහ බලාගත්තේ මූන රතුවෙලා තියෙන්නෙ කියලා දන්න නිසා.ඒත් සෝට කියන්න ඔනෙ වුන එක එ වෙලේ එ කටින් පිටනොවුනෙ ඇයි කියන්න සෝවත් දන්නෙ නැ.
"ඔප්පට කියන්නත් බැ.නොකියත් බැ.ආශ් අනෙ මංදා"
කෙල්ල කිව්වෙ නැ හිතුවා විතරයි.ජින් දිහාට ගොන් හිනාවක් පෙන්නලා කෙල්ල ශීට් එකේ එහාපැත්තෙ හිටිය ජිමින්ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන ඇස් පියාගත්තෙ මහන්සි වැඩිකමට.
"දගමල්ලට මහන්සි ඇති හියුන්"
ජිමින් හිනාවෙලා ජින්ට කිව්වෙ කෙල්ලගෙ කොන්ඩෙ අතගාන ගමන්.කෙල්ල සනීපෙට ජිමින්ගෙ ඔඩොක්කුවෙ නිදාගත්තේ කාලෙකින් හම්බුන ඔප්පගෙ තුරුලට තවත් ගුලිවෙන ගමන්.
සෝල්වල තියෙන ගෙදරට ආපු කාර් එක නැවැත්තුවත් සෝයුන් තාමත් ජිමින්ගෙ ඔඩොක්කුවෙ සැපට නිදි.කෙල්ලව ඇහැරවන්න ලෝභකමට කාර් එකෙන් බැස්ස ජින් හිමින් සීරුවෙ කෙල්ලව ජිමින්ගෙ තුරුලෙන් අරන් වඩාගෙන කාමරේට අරන් ගියේ කෙල්ල දිහා බලලා හිනාවෙන ගමන්.කොච්චර ලොකු මහත් වුනත් ජින්ට වගේම ජිමින්ටත් සෝයුන් ඉස්සර හිටිය පුන්චි දගමල්ලමයි.
වයසින් වැඩුනත් ඔප්පලා දෙන්නා සෝයුන්ට දෙන ආදරේ දශමයක්වත් අඩුවුනෙ නැ.කෙල්ලට උගන්නන්න ජින් ලෝකෙ වටේ තියෙන හොදම යුනිවර්සිටි සිලෙක්ට් කරද්දි ජිමින් කෙල්ලගෙ ලගින් ඉදන් ඒ මූනට හිනාවක් ගේන්න හැමවෙලේම සැදී පැහැදි හිටියා.
රෑ වෙලා නිසා කෙල්ලව ආයෙම ඇහැරවන්න ඕනෙනැති නිසා සෝයුන්ට එහෙමම නිදාගන්න කියලා ජින් ඔම්මට කිව්වෙ ඔම්මගෙ පිටිපස්සෙන් ගිහින් බදාගන්න ගමන්.ජිමිනුත් මිසිස් පාර්ක්ව බදාගෙන හිටියෙ ගොඩ කාලෙකින් ඔම්මගෙ තුරුලේ ඉන්න බැරිවුනා නිසා
~~~🐾️Next day morning🐾️~~~
"එහෙනම් අදල් අපේ දුව එක්ක වෙඩින් එක ඕගනයිස් කරන්න.එයා එක්ක වැඩකරන්න ටිකක් අමාරුයි.ඒත් ඔයා බලන්නකො."

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies