~I want you~
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මෙ තරම්
නැහැ දැනුනෙ මෙ ලෝකෙ
මට ලැබුනු
ඔබගෙන් තරම්....~____________________________________
"සෝයුන්න්න්න්!!!...."
ජන්කුක්ගේ කටින් පිටවුන කැගැහිල්ලත් එක්කම වටේම නිශ්ශබ්ද වුනේ වෙඩි සද්දෙත් එක්කමයි.
~
~
~
~
~
~
~
"ඔයා හිතන් ඉන්නෙ මම දුර්වල කෙල්ලෙක් කියලද සොන්හි ඔන්නි.එහෙනම් ඔයාට වැරදිලා."සොන්හිගෙ අතෙ තිබුන ගන් එක ලෝඩ් වෙනකොට සොන්හිගෙ ඇස්තිබුනෙ ජන්කුක්ගෙ රතුවෙලා තිබුන ඇස්ලග.කටකොනින් හිනාවෙලා සොන්හි ගන් එක ක්ලික් කරද්දි සොන්හිගෙ කකුලට ගහපු සෝයුන් බිමට බැමුනෙ බුලට් එක සෝගෙ ඔලුව උඩින් යද්දි.සොන්හි බිම නැමෙද්දි අවස්තාවෙන් ප්රයෝජන ගත්ත සෝයුන් සොන්හිගෙ අනික් කකුලට ගහලා අතෙ තිබුන ගන් එක කරකවලා අරන් සොන්හිගෙ කකුලට වෙඩි තිබ්බෙ උන දෙ හිතාගන්න බැරුව ඇවිත් හිටිය ඔෆිසර්ස්ලා පවා ගල් ගැහෙද්දි.
"සෝ...ඔයා හොදින්ද මැනික?"
ගන් එකත් පහලට දාපු ජන්කුක් සෝයුන් ලගට ගිහින් කෙල්ලගෙ මූනෙ අගලක් නෑරම ඇස් අරන් ගියෙ ලොකු හදිස්සියකින්.කෙල්ලව තමන්ගෙ පපුවට තුරුලුකරගත්ත ජන්කුක්ගේ වේගෙන් ගැහෙන පපුවෙ සද්දෙ අහන් හිටිය සෝයුන් කටකොනින් හිනාවුනේ බිමවැටිලා ඉන්න සොන්හි දිහා බලන්.
සොන්හිගෙ ඇස්වල වේදනාව තුලින් පැතිරුන වෛරය උඩුදුවනවා.පිස්සෙක් වගෙ හිනාවෙන සොන්හි එක ක්ශනයකින් පරාද වුන හැගීමෙනුයි , ජන්කුක්ව නැතිවුන හැගිමෙනුයි හැමදේම ගැන තියෙන වෛරය නිසාවෙනුයි මිරිකිලා හිටියේ.
"අද මෙ පිරිමි පපුවෙ මම වෙනුවෙන් එච්චර ආදරයක් , ආරක්ශාවක් , සතුටක් , සැනසීමක් දැනුනෙ ඔයා නිසයි ඔන්නි.ලෙඩක් නැතුව ලෙඩෙක් වුන මාව ජන්කුක් බලාගත්තෙ පුදුම ආදරයකින්.ඔයා හරි එ ඇස්වල වේදනාව මමත් දැක්කා.එයාගෙ අතින් දැන හො නොදැන වුන වැරැද්දට එයාට පොඩ්ඩ පොඩ්ඩ දඩුවම් හම්බුනා.සමහර විට ඒ දඩුවම ඉවර නැතුව ඇති.ඒත් දවසක එ හිතෙ සැනසීම තියේවි.එ වගේම ආදරයත්!!...කුමාවොයා ඔන්නි.මොකද ලන්ඩන් ආර්ට් යුනිවර්සිටි එකේ ජේකේගෙන් වෙනස්වුන පිරිසිදු ලස්සන හදවතෙ අයිතිකාරයා වුන ජන්කුක්ව මට හම්බුනේ ඔයා නිසා.මට සමාවෙන්න ඔයාට මෙහෙම කරාට.මම මැරෙන්න බය නැ.ඒත් මෙ ආදරය තනිකරන්න මම බයයි."

KAMU SEDANG MEMBACA
INTO U ᥫ᭡|| Jjk ✔
Fiksi Penggemar"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies