Ice cream
After 03 months
~~~~~~~~~~~At evening ~~~~~~~~~~
මාස තුනක් වේගෙන් ගෙවුනෙ ලන්ඩන්වලටම ගිම්හාන ඍතුවෙන් උපරිම බලපෑම් එල්ලකරමින්.වෙනදා වගේම ජන්කුක් ලෙක්චර්ස් ඉවර වෙලා යුනි එකෙන් එලියට ආවෙ ගෙදර යන්න හිතාගෙන.මොකද ගෙව්න කාලයේ ඔහු පැමිනි විගස හො නිවෙස කරා යාමට කැමැත්තකින් පසු වු නිසාවෙන්.වෙනදට කලින් එන කාර් එක තාමත් නැති නිසා එහෙට මෙහෙට ඇවිදපු ජන්කුක්ගෙ ඇස්වලට ගැටුනෙ පාරෙන් එහා පැත්තෙ අයිස්ක්‍රීම් එකක් අතෙ තියන් එහෙටයි මෙහෙටයි කැරකෙමින් දගලන තරුණියක්ව.ඇගේ මාස්ක් එකයි කොන්ඩෙයි නිසා මූනවත් හරියට නොපෙනුන නිසා ජන්කුක් පොඩ්ඩක් එහාට මෙහාට වුනෙ ඇගේ මූන බැලිමට අවශ්‍ය වූ නිසාවෙන්.
නමුදු ඒ සමගම පැමිනි ලොකු බසයක් ඔහු ඉදිරියෙන්ම නැවතුයෙ ඔහුගෙ ඉදිරියේ විශාල බාධාවක් විසලින්.ඔහු කටත් උල්කරගෙන බස් එකෙ ඩ්‍රයිවර්ට ඔරවලා ඇගිලි දෙකෙන් තමන්ගෙ ඇස් පෙන්නලා ඩ්‍රයිවර්ගෙ ඇස් පෙන්නුවෙ එම තරුණියගේ මූන බලාගන්න බැරිවුන එකට ඩ්‍රයිවර්ට හිතෙන් බනින ගමන්
"ජන්කුකි බේබි."
එ එක්කම ජන්කුක් ඉස්සරහින් බයික් එකක් නැවැත්තුවෙ ඔහුව හොදටම බයකරවමින්.
"අහ්හ් ටෑන්..මොකද මෙ? තමුසෙ මාව බයකරා.ඒකනෙමෙ කෝ කාර් එක.??.මට කුකී කිකී ගාන්නෙපා කිව්වා නේද්?.."
පපුවත් අල්ලගෙන ඔහු එක දිගට අහගෙන ගියේ පැමිනි කෙනාට උත්තර දීමටත් අපහසුවනතරම් වේගෙකින්
"මියානෙ බේබි.බේබි අද කාර් එක එන්නෙ නැ .මේ බයික් එකේ බේබිව එක්කගෙන එන්න කියලා ලොකු සර් කිව්වා.එන සෙනසුරාදා කොරියා යන්න බේබිට ලෑස්ති වෙන්න කියලත් කියන්න කිව්වා."
බයික් එකේ පැමිනි ඔහුගේ රියදුරු වන ටෑන් කියනවත් එක්කම ජන්කුක්ගෙ මූන දෙකක් වුනෙ කොරියා යනවා කියන්නෙ බටර් නැතුව පාන් කනවා නැත්නම් බනානා මිල්ක් නැතුව පැයක් ජීවත්වෙනවා වගෙ වැඩක් නිසා.ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා ඔහු හොදාකාරවම දැන සිටියා..

BINABASA MO ANG
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies