💗°•~08~•°💗

1K 179 39
                                    

~~~~~~Slap~~~~~~

"ආඅව්ව්ව්...."

කෙල්ල බිම බලන් ගිය නිසා කෙලින්ම වැදුනෙ ජන්කුක්ගෙ පිරිපුන් පපුවෙ.වැදුන පාරට කෙල්ලට මහ දවල් තරු පෙනුනා.

"තමුසෙ මොකක්ද මෙහෙ කරන්නෙ??"

"අහ්හ්  අහ්  මේ...මේක දෙන්න ආවෙ??"

සෝයුන් ජැකට් එක දික් කරන ගමන් ජන්කුක් දිහා ඇහි බැමක්‍ උස්සලා බලන් හිටියෙ ජන්කුක්ගෙ නොසන්සුන් මූන දිහා.ඒ ඇස් සෝයුන්ගෙ මූනපුරාම දිව්වෙ පුදුම නොසන්සුනකමෙන්.

"මේ මේක....තෑන්ක් ගෙනැත් දුන්නට."

ජන්කුක් කෙල්ලට තෑන්ක් කරාම කෙල්ල යන්න අනික් පැත්ත හැරුනෙ කොල්ලා දිහාවත් නොබලා.ඒත් ඉස්සර වුන ජන්කුක් කෙල්ලගෙ ඉස්සරහට ගියෙ අත්දෙක දෙපැත්තට විසිකරලා පාර හරස් කරන ගමන්.

"පාර මැද ලයිට් කනු හිටවන්නෙ පිස්සු ද?"

සෝයුන් ඇහුවෙ කම්මුල් දෙකත් පුම්බගෙන.ඒත් එක්කම ජන්කුක් කෙල්ලගෙ මූනට බරවෙද්දි සෝයුන් පිටිපස්සට නැමුනෙ ජන්කුක් ගැන හොදටම දන්න නිසා.

"යාහ්හ් වලත්තයා...අයින් වෙනවා.."

ජන්කුක්ගෙ පපුවට ගහලා ඒත් එක්කම දාගෙන හිටිය බූට් සපත්තුවෙන් ජන්කුක්ගෙ කකුලට ගහපු සෝයුන් එලියට ගියෙ උරහිස් අකුලන ගමන්.ජන්කුක් කකුල අල්ලගෙන උඩ පැන පැන දගලන්න ගත්තෙ කෙල්ල ගහපු පාර දරුනුවට බලපාපු නිසා.

"ශික් ඔප්පගෙ චින්ගු නොවුනානම් මරලා හංගනවා තමුසෙව ජොන් ජන්කුක්..ශික්"

කෙල්ල බැන බැනම පාර ලගට ගිහින් ටැක්සියක් නතර කරගෙන ඒකට නගිද්දිම

"යාහ්හ් තමුසෙ මොකක්ද කරන්නෙ?? "

කෙල්ල නගිනවත් එක්කම අනික් පැත්තෙන් නැග්ගෙ ජන්කුක්.කෙල්ලට වැහුනෙ කාලිගෙත් හොදම එක.දත්මිටිකාගෙන ජන්කුක්ට කැගහන සෝයුන්ගෙ කටහඩට ජන්කුක්ගෙ ඔලුවත් කාර් එකේ වහලෙ වැදුනෙ බයට නැගිටින්න ගිහින්.

"මේක මගෙ ටැක්සිය.මමයි නැවැත්තුවෙ."

"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ මේක නැවැත්තුවෙ මං.තමුසෙ මේකෙන් හොද හිතින් බහිනවා."

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now