~Unlimited Tears~
ලන්ඩන් හිමෙන් වැහෙන්න අරන් සතියක් ගෙවිලා.
දකින දකින හැම තැනම හිම.
ඉරපැයුවත් හරියට නොලැබෙන එලිය හෙයින්,
මුලු නගරෙම අදුරුවෙලා ගිහින්.උදේම නැගිට්ට ජන්කුක් අදත් රූෆ් ටොප් එකට වෙලා බලන් ඉන්නෙ එයා එනකම්,
හැමදාම පුරුද්දක් විදිහට කොෆි එක බිබී බැල්කනි එක ලගට ඇවිත් අහස දිහා බලන් ඉන්න ,
සෝයුන්ව එක විනාඩි කිහිපයකට හො දකින එක
ජන්කුක්ගෙ හිතට ගෙනාවෙ සැනසීමක්,,අදත් කොෆි එක බිබී ආපු සෝයුන් ලාවට හිනාවෙලා මුලු අහසෙම ඇස් අරන් ගියෙ ජන්කුක් ඈතට පේන සෝගෙ ඇස්වල අතරමං වෙද්දි.
සාක්කුවෙ තිබුන අත එලියට අරන් ග්ලවුස් එක ගලවපු සෝයුන් වැටෙන හිමපියලි වලට අත දික් කරෙ ජන්කුක් එ දිහා ඈත ඉදන් බලාගෙන තොල්වලට හිනාවක් අරන් එද්දිමයි.හච්චින්.....හච් චින්.....හ්...හච්..හ්ච්ච්න්..
සෝයුන්ට එක පිට එක හචින් යද්දි කෙල්ල ගෙ ඇතුලට දුවන් ගියෙ ජන්කුක්ගෙ හිනාවෙන් රූෆ්ටොප් එකම පිරෙන්කොට.
"මුරණ්ඩු කෙල්ල."
එයාටම මුමුනගත්ත ජන්කුක් රූෆ් ටොප් එකෙන් බැහැලා ගෙ ඇතුලට ගියෙ අදත් වෙනදා කරන දේම කරන්න හිතාගෙන.
________________________________
@soo-yun annex
කොෆි එක බීපු සෝයුන් කඩිමුඩියෙ පහලට දුවන් ආවෙ දොරෙ බෙල් එක වදින සද්දෙට.සෝයුන් දන්නවා දොරෙ අනික් පැත්තෙ මොකක්ද වෙන්නෙ කියලා.හුස්මක් ගත්ත සෝයුන් දොර ඇරලා බිම බැලුවෙ අදත් ඒදේම නිසා.
"මගෙ නෙලුම් මල මට සමාවෙන්න."
පුන්චි කාඩ් එකක ලියලා තිබුන දේ අදත් වෙනදා වගේමයි , කාඩ් එක උඩ තිබුන නෙලුම් මල අතට ගත්ත සෝයුන් දොර වහලා දොරට හේත්තුවුනෙ ඇස්දෙකත් පියාගන්න ගමන්.
සෝයුන් දැනන් හිටියා හැමදාම
කාඩ් එකයි නෙලුම් මලයි දොර ලගින් තියලා යන්නෙ කවුද කියලා ,,
මොකද සෝයුන් දන්නවා ජන්කුක්ගෙ අත් අකුරු ,
මුලින්ම හැමදේම විසිකරත්
සෝයුන් ඒ මලුයි කාඩ් එකයි ගෙ ඇතුලට අරන් මෙසෙ උඩින් තියලා යන්නෙ,
ජන්කුක්ගෙ හිතෙ පුන්චි සතුටක් ඇති කරලා.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies