💗°•~11~•°💗

994 189 90
                                    

"සෝයුනා...මොකද මෙ?"

ජන්කුක් ඇහුවෙ ඇද අයිනෙ බෙඩ්ශීට් එකෙන් ඇගම වැහෙන්න පොරවන් ඉන්න සෝයුන්ගෙන්.කෙල්ල කකුල් දෙක අස්සේ මූන ඔබන් ඉකි බිදිනවා ජන්කුක්ට ලාවට වගෙ ඇහුනා.ජන්කුක්ගෙ කටහඩට ඔලුව උස්සපු සෝයුන්ගෙ ඇස් තරහින් පුපුරනවා දැක්ක ජන්කුක්ට කෙල්ල තරහින් ඉන්න හේතුව හිතාගන්න බැරිවුනෙ ටිකකට කලින් හිනාවෙවි හිටිය කෙල්ල දැන් අඩන නිසා.

"යනවා යන්න.මාව අල්ලන්න එපා."

"සෝයුන් මොකක්ද වුනෙ ?"

"මගෙන් ඈත්වෙලා ඉන්නවා"

"මගෙ යකා අවුස්සන්නෙ නැතුව මොකක්ද වුනෙ කියනවා??!

ජන්කුක් සෝයුන්ගෙ උරහිස් තදකරලා අල්ලගෙන අහද්දි සෝයුන්ගෙ ඉකිය අතරින් කදුලු ගලන් ආවෙ ජන්කුක්ව තවත් බයකරලා.

"සෝයුනා මොකක්ද වුනෙ?"

"තමුසෙ මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.අච්චර හොදට ඔයා ගැන හොයලා බලද්දි එහෙම කරා"

සෝයුන් කියද්දි ජන්කුක්ට හිතාගන්න බැරිවුනෙ මොකක්ද සෝයුන් කියන්නෙ කියලා.

"මොකක්"

"ඇයි බොරුද කියනවා.මෙච්චර වෙලා ඔය කොන්ඩෙ හෝදද්දි මගෙ ඇග දිහා තමුසෙ බලන් හිටියානෙ.තමුසෙ මං දිහා වැරදි විදිහට බලන් වින්දා නේද?.තමුසෙනම් මහ නරක මනුස්සයෙක්.තිරිසනා."

සෝයුන් අඩන ගමන්ම බෙඩ් ශීට් එක අස්සට ගුලිවෙන ගමන් ඇහුවෙ දැනෙන අප්‍රසන්න හැගීම නිසා.

"කටවහනවා සෝයුනා.මේක හොදට අහගන්නවා .මම අනික් අයට කොහොම වුනත් මම තමුසෙ දිහා එහෙම බලලත් නැ බලන්නෙත් නැ.ඔය නිකටෙන් පල්ලෙහාට මගෙ ඇස් ගියෙ නැ කියලා මගෙ ඔම්මා පල්ලා මම දිව්රනවා සෝයුන්.වෙන කෙනෙක් හිටියානම් මෙ ජන්කුක් අනිවාරෙන්  බලයි.මොකක්ද හේතුවකට තමුසෙ ඉස්සරහ හැමවෙලේම මම අසරන වෙනවා.තමුසෙගෙ අවසරයවත් නැතුව තමුසෙව නොඅල්ලපු මට දෙයක් නොදැන බැනන් එන්න එපා.දැන් වොශ් දාගෙන එනවා ඔහොම ඉදලා ලෙඩක් හැදුනොත් අහිංසක හැල්මොනි පව්."

කෙල්ලගෙ ඇස් දිහා එක එල්ලෙ බලාගෙන කියපු ජන්කුක් තරහින් පුපුර පුපුර කාමරෙන් එලියට ගියෙ සෝයුන්ට කට උත්තර පවා නැතිවෙලා යද්දි.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now