💗°•~16~•°💗

981 183 65
                                    

~~~~I love You~~~~

"ආහ්හ්හ් "

"බලාගෙන"

ක්ලචර්ස්වලින් යන්න හැදුවත් අඩි දෙකක් තුනක් යද්දි සමබරතාවය බිදුන ජන්කුක් එක කකුලෙන් පැන පැන වැටෙන්න යද්දි සෝයුන් පැනලා ජන්කුක්ගෙ අතින් අල්ලලා එයාගෙ කරවටෙ අතදාගත්තෙ ජන්කුක්ගෙ අතින් ක්ලචර්ස් දෙක බිමට වැටෙද්දි.

"ඔය තනියම ගිය හැටි වෙන්නැති.කිව්වනෙ මම එක්ක යද්දි වැටෙන්න දෙන්නැ කියලා.කවදාවත්ම ඉඩදෙන්නැ.එ නිසා පච්චසිරා කටපියන් දැන් මාත් එක්ක යන්"

සෝයුන්ගෙ වචන ජන්කුක්ට බනින්න පාවිච්චි වුනත් ජන්කුක්ට ඒ වචනවල කෙනෙක් එයාව පරිස්සම් කරන්න හදනවා කියන හැගීම දැනුනා.සෝයුන් ජන්කුක් එක්ක අඩි තියන ගමන් හිමීට පඩිපෙල ලගට ඇවිත් ජන්කුක්ට අත්වැට අල්ලගන්න කියලා එයා පඩියෙන් පඩිය පස්සට තිබ්බෙ එක  අතකින් ජන්කුක්ගෙ අතක් අල්ලගෙන.

"අප්පා..අප්පා"

"ශ්ශ්ශ්ශ්ස්...හිමීට"

"වේහ්??"

"අර.."

කුස්සියෙ ඉදන් දුවගෙන ආපු සන්හ්-හී මිස්ට ජියොන්ට කතාකරත් ඇගිල්ලක් කටට තියලා කැගහන්න එපා කියපු මිස්ට ජියොන් බිත්තියට මුවාවෙලා ඉන්න ගමන් ඇගිල්ලක් දික් කරලා පෙන්නුවෙ ජන්කුක්වයි සෝයුන්වයි.

"අප්පා...එ දෙන්නා??"

"ගැලපෙනවා නේ??"

"අප්පා හිතනවද ජන්කුක් කැමති වෙයි කියලා ??ජන්කුක් අපේ සෝට ආදරය කරයිද?"

"සෝ-කුක් දෙන්නා තමා හරිම.ඔයා හරි අපෙ ජන්කුක් ආදරය කරන එකක් නැ"

"එහෙනම්??"

"ජන්කුක් ඊටවඩා සෝයුන්ට එ දඩබ්බර හිතෙ ඉඩ දෙයි"

"එ කිව්වෙ?? ආදරයක් නෙමෙනම්?"

"ඔයත් ඒක දන්නවා සන්ග්-හියා.ආදරයට එහා යන දේ ගැන ඔයත් දන්නවා"

"හ්ම්ම්ම්...දේ අප්පා..කූ සතුටින්නම් එච්චරයි.මං දන්නවා අප්පාට ගොඩක් දේවල් තේරෙනවා කියලා.."

රතුවුන කම්මුල් එක්ක සන්හ්-හී කිව්වෙ එ වෙලෙ එයාට ජින්ව මතක් වුන නිසා.සන්ග්-හිගෙ ඔලුව අතගාපු මිස්ට ජියොන් හිමිට එතනින් ගියෙ ජන්කුක් සෝයුන් එක්ක පරිස්සමෙන් පල්ලෙහාට එන නිසා.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now