~Happy pill~
"අහ්හ්හ්..."
සෝයුන්ගෙන් පිටවුන වේදනාබර හඩ නිසා ජන්කුක්ට කෙලගුලියක් ගිලුනෙ සෝ ජන්කුක්ගෙ ශර්ට් එක තදින් අල්ලගනිද්දිමයි.
"වේහ් සෝ..ඔයාට අමාරුයිද..අනෙ කියන්නකො"
කෙල්ල එකදිගට කෙදිරි ගාද්දි ජන්කුක් සෝව බෙන්ච් එකෙන් තියලා කෙල්ලගෙ අත අල්ලගෙන කතාකරෙ වචනත් ගොතගහන ගමන්.මෙච්චර වෙලා හිනාවෙවී කතාකරපු කෙල්ල මෙහෙම ඉද්දි ජන්කුක්ට කරකියාගන්න දෙයක් නැතිවුනේ රැල්ල පාගන්න එන පුන්චි ලමයින්ගෙ කටහඩවල් වලින් මුලු මුහුදු වෙරලම පිරිලා ඉතිරෙනකොට....
_____________________________________
"එ- එයා දගලනවා කූ"ජන්කුක් දිහා බලලා හිනාවුන සෝයුන්, ජන්කුක්ගෙ අත අරගෙන තමන්ගෙ පුන්චි බඩෙන් තිබ්බෙ සැරෙන් සැරෙ ජන්කුක්ගෙ අතට බබාගෙ දැගලිල්ල දැනෙන්නගද්දි.හැබැයි ජන්කුක්ට අමුත්තක් දැනුනත් එ ගැන නොහිතා හිනාවුනේ සෝයුන්ගෙ අහිංසක මූන දිහා බලන්.
"එ එයා ..කකුල් දෙකෙන්ම ගහනවා.."
ජන්කුක්ට බබාගෙ දැගලිල්ල අතට දැනෙද්දි ඇස්වලට කදුලු ඉනුවෙ සතුට දෝරෙ ගලනනිසා.
"මං කිව්වෙ ඒකනෙ.තනිකර ඔයාවගේම දගයි"
"නැතුව එහෙම වෙන්නෙපයි, අප්පගෙම දුවනෙ!!"
ජන්කුක් ඇහැක් ගහන ගමන් සෝට කියද්දි සෝයුන් ජන්කුක්ගෙ අතට ලාවට ගහලා ආයෙම දෙයක් මතක් වෙලා වගෙ ජන්කුක් දිහාට හැරුනෙ ජන්කුක් තාමත් සෝ දිහාම බලන් ඉද්දි.
"දුවෙක්??"
ජන්කුක් කිව්වෙ දුවෙක් කියලා , සෝයුන්ගෙ ඇස් බෝල වුනේ ජන්කුක් එහෙම කිව්වෙ කොහොමද කියලා හිතාගන්න බැරිනිසා.ජන්කුක් ආසාවෙන් ඉන්නෙ දුවෙක්ටද? නැත්නම් ජන්කුක්ට දැනෙනවද? මොනවා වුනත් සෝයුන් ජන්කුක්ගෙ ඇස්වල බබාට තිබුන ආදරේ ඔනෙවටත් වඩා දැක්කා.
"නේ මෙ ඉන්නෙ මගෙ දුව!!ජියොන් ජන්කුක්ගෙ දුව!!"
ජන්කුක් බඩට කනක් තියන් කිව්වෙ ලොකු විශ්වාසයකින්.සැරින් සැරෙ බබා කකුලෙන් ගහද්දි ජන්කුක්ගෙ කටින් ගිග්ල් පිටවුනේ දගමල්ල අප්පා වගේමයි කියලා හිතුන නිසා.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies