-One in millions-
@Wedding function
-
-
-
-
-
-
-
හැමදේම ගොඩක් ලස්සනයි ,
සුදු පාට තිර රෙදි අතරින් පතර රත්තරං පාට තිරරෙදි ගෙනාවෙ අමුතුම ලස්සනක්,
විලක උපන්දින පුදුම කිරීමක්,
කැලේක විවාහ යෝජනාවක්,
අවසාන පටන් ගැන්ම
මුහුදු තීරෙක,
තෙරක් නොපෙනෙන ජල කදක් ලග,
අදහ ගන්න බැරි තරම් ලස්සන නෙලුම් මල් ගොඩකින් කරලා තියෙන සැරසිලි ,
බිම ඉහලා තියෙන මල් පෙති,
මෙ හැමදේකින්ම වෙනදා නැති ලස්සනක් මුහුදු තීරෙට
එකතුකරලා තිබුනේ...ජින් ඇරිය දොරෙන් හිමීට එලියට බැහැපු සෝයුන් වටේම ඇස් අරන් ගියේ හැමදේම විදින ගමන්.සෝයුන්ට හිතාගන්න බැරිතරම් එතන පුදුම ලස්සනයි.
වෙඩින් එකේ හැමදේම සම්පුර්ණයෙන් සැලසුම් කරෙ ජන්කුක් නිසා සෝයුන්ට අඩුම වෙඩින් එක කොහෙද කියලවත් දැනගන්න ජන්කුක් ඉඩතිබ්බෙ නැජන්කුක්ට ඔනෙ වුනෙ හැමදෙකින්ම සෝයුන්ගෙ මූනට හිනාවක් ගේන්න.ඒකට ලැබෙන පුන්චිම අවස්තාවක්වත් මග ඇරගන්න කොල්ලට කිසිම ඔනෙකමක් තිබුනෙ නැ.
ජිමින් මල් බොකේ එක අතේ කරකවලා අරන් සෝයුන්ට දික් කරෙ ඇහැක් ගහන ගමන්.ජිමින්ගේ කෝලම් වලට හිනාවුන සෝයුන් ෆ්ලයින් කිස් එකක් ජිමින්ට යවලා මල් කළඹ අතට ගත්තේ තොල් දෙක තදකරගෙන එ දිහා බලන ගමන්.
"යමුද චූටි නෝනා"
ජින් අත දික්කරලා අහද්දි සෝයුන් ඔලුව වනලා ජින්ට අත දුන්නෙ අනික් පැත්තෙන් ජිමින් සෝයුන් ලගට එද්දි.සෝයුන්ට අප්පා නැ තමයි.ඒත් අද එ වෙනුවට සෝයුන්ට අප්පා කෙනෙක් වගෙ ආදරේ දෙන අයියලම දෙන්නෙක් ඉන්නවා.අප්පා කෙනෙක් හිටියානම් සෝයුන්ගෙ එක පැත්තක ආරක්ශාවක් තියේවි.ඒත් අද සෝයුන් වෙනුවෙන් දෙපැත්තෙන්ම හිටගන්න ආරක්ශකයො දෙන්නෙක්ම ඉන්නවා
සෝයුන්ගෙ හිත සතුටටම ඉතිරිලා.එ තමන්ගෙ විවාහය නිසා නෙමේ,මෙච්චර ආදරෙ කරන ඔප්පලා දෙන්නෙක් ලැබුන නිසා.සෝයුන් හිතෙන් තමන්ගෙ ඔම්මට අනන්තවත් ස්තුති කරෙ තමන්ව පනවගෙ රකින ඔප්පලා දෙන්නෙක්ව ලබලා දුන්න එකට .
"බිම නෙමෙයි සෝ ඉස්සරහ බලන්න."
බිම බලන් තනියෙන් හිනාවෙවි හිටිය සෝයුන්ගෙ කනට කරලා ජිමින් මිමිනුවෙ සෝයුන් ගැස්සිලා ඉස්සරහ බලද්දි.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies