💗°•~05~•°💗

1.2K 184 14
                                    

~~~~~~~~Play boy~~~~~~~

@Sky______

"සර් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන්න හදන්නෙ"

ගුවන් සේවිකාව කියද්දි කෙල්ල ජන්කුක්ගෙත් ඇගෙ හැපීගෙනම ඇතුලට ගියෙ ජන්කුක් දුවන කෙල්ලට හැටට හැටෙ ඔරවද්දි.

"ආශ් ඇතුලට යමන්.විස්තර කියන්නම්"

ජිමින් ජන්කුක්ගෙ කරට අතදාගෙන ඇතුලට යද්දි වීඅයිපී සෙක්ශන් එක ඇතුලේ හිටියෙ කෙල්ල හෝ ගාලා එහෙටයි මෙහෙටයි ඇවිදිනවා.ජිමිනා ඇස් ලොකුකරන් මෙ මොන විගඩමක්ද කියලා බලන් ඉද්දි ජන්කුක්ට හිනාගියේ ජීවිතේ පලවෙනි පාරට මෙච්චර මොන්ගල් වගෙ හැසිරෙන කෙල්ලෙක් දැක්ක නිසා.මොකද මීට කලින් එයා ඉස්සරහදි කෙල්ලෙක් සෙක්සි ලුක් එකක් පෙන්නන්න තමන් ලස්සනයි කියලා පෙන්නන්න උත්සහ කරා මිසක් සැහැල්ලුන් නොහිටිය නිසා.

සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙල්ලෙක්!!
ඔව් ජන්කුක්ට හිතුනෙ එහෙම.
සෝයුන් කියන්නෙ ජීවිතේ ගන්න හුස්මක් පාසා නිදහසේ විදින කෙල්ලෙක්.

ජන්කුක්ගෙ හිනාවෙන් මෙ ලෝකෙ සිහියට ආපු ජිමින් කෙල්ල ලගට ගියෙ හිනාවෙන ගමන්.ජන්කුක් බෑග් ටික සේවිකාවන්ට දීලා ජිමින්ගෙ පස්සෙන්ම ගියේ මෙ කෙල්ල ජිමින්ගෙ කවුද කියලා දැනගන්න ඕනෙකම නිසාමයි.

"සෝ මෙහෙ මොකද කරන්නෙ.නිව්සීලන්ඩ් එපා වුනාද ලන්ඩන් ආවෙ?"

"ආසාවට ආවෙ නැ හලෝ.ඔප්පා මට යන්න කිව්වා මෙහෙ හොදම යුනි එකේ එයා මට ඇතුල්වීම හදලා දුන්නා.මම ඔක්ස්ෆර්ඩ් ඉන්නෙ."

ජිමින් දිහාට හැරිලා අත්දෙක පපුවට තියාගන්න ගමන් කියද්දි ජිමින්ට හිනාගියෙ තාමත් වෙනස් නොවී තියෙන කෙල්ලගෙ පන්ඩිත කතාවලට.සෝයුන් දිවත් එලියට දාලා ජිමින්ට ඇදකරලා නොකියා කිව්වෙ කෙල්ල ඉන්නෙ ජිමින්ට වඩා උඩින් කියලා.

"පොඩ්ඩක් ඉන්න.එතකොට ඔයා කොහොමද මගෙ ඔප්පගෙ යාලුවෙක් උනෙ??"

ඒපාර කෙල්ල ඇගිල්ල දික්කරලා ඇහුවෙ ජිමින්ගෙ පිටිපස්සෙන් ඉන්න ජන්කුක්ගෙන්.අත්දෙක සාක්කුවට දාගන්න ගමන් ජිමින්ගෙ සයිඩ් එකට ආපු ජන්කුක් එක අතකින් කොන්ඩෙ පිටිපස්සට කරලා හිනාවුනේ කෙල්ලට එයාගෙ හැන්ඩ්සම් ලුක් එක පෙන්නන්න වගෙ.ඒත් කෙල්ලගෙ රිඇක්ශන් එක වුනෙ කටත් දෙහිකාලා වගෙ ඇඹුල් වෙලා බලන් හිටිය එක විතරයි.ජිමින්ට හිනාගියේ මෙ කෙල්ල ඕවට හරියන්නැ කියලා දන්න නිසාමයි.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now