~~~~~Past & Present~~~~~
"ට්....ටෙ..ටේහ්යුන් ඔප්පා"
සෝයුන්ගෙ ඉස්සරහ ඉන්න කෙනා දැකලා සෝයුන්ට වචන පිටවුනෙත් නැති තරම්.කෙල්ල බයටම වෙවුලනවා.ඉහෙන් කනින් දාඩිය දාලා.උගුර වේලිලා වගෙ ගිහින්.ඒත් කිසිම බයක් නොපෙන්නා සෝයුන් ටේහ්යුන් එක්ක හිනා වුනෙ හිතේ ලොකු දුකක් ඉතුරු කරගෙන.
"සෝ...ඔයා මොනවද මෙහෙ කරන්නෙ?"
"අහ් මේ මම මේ..අහ් මේක ජන්කුක්ට දෙන්න ආවෙ.ඊයෙ මේක එයා මට දුන්නා.සීතල නිසා...ඔයා..ඔයා මොකක්ද මෙහෙ?."
සෝයුන් මැද්දෙන් මැද්දෙන් හිනාවෙවී කියද්දි ටෙහ්යුන් වටේ බලලා සෝයුන්ගෙ අතින් අල්ලගත්තා.
"ම්ම්..මේ..මොකද??"
"එන්න යමු.."
ටේහ්යුන් කෙල්ලව ඇදගෙන කම්පැනි එක ඇතුලට ගියා.ටේහ්යුන්ගෙ හැඩි දැඩි අත්වලට සෝයුන්ගෙ අත් පොඩි වැඩි.කෙල්ල පරඩැලක් වගෙ ටේහ්යුන්ගෙ පස්සෙන් ඇදිලා ගියේ වෙන්න මොකක්ද කියලා හිතාගන්න බැරුව.
"ඔයා වෙනස් වෙලා..."
සෝයුන් මිමිනුවා විතරයි.ඒත් ඒක ටේහ්යුන්ට ලාවට වගෙ ඇහෙද්දි ටේහ්යුන් ඇවිදින එක නතර නොකරම කෙල්ල එක්ක කම්පැනි එක ඇතුලටම ගියා.
~~~~මීට වසර දෙකකට පෙර~~~~
Auckland University Of Newzealand •••
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. සේටේජ් එකේ සියුම්ව නලියන පාද,සිරුර වටා දිවෙන අත්,හිනාවෙන හඩ අතරින් සෝයුන්ගෙ ඇස් කොනට ගැටුනෙ යුනිවර්සිටි එකේ ලයිබ්රි එකෙ ඉදන් ඩාන්සින් හෝල් එකට එන කඩවසම් පිරිමි ලමයෙක්ව. පොඩි තොප්පියක් දාගෙන කන්නාඩි දෙකක් දාගෙන ආපු පිරිමි ලමයා ඩාන්සින් හෝල් එකේ අයිනට ගිහින් ඉදගෙන අතෙ තිබුන පොත බලන්න ගත්තෙ වටේ පිටේ තිබුන දේවල්වලට අවධානය නොදීමයි.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies