💗°•~14~•°💗

946 182 46
                                    

~~~~~Falling into eyes~~~~~

"අහ්හ්??"

මිස්ට ජියොන් මැද්දෙන් අහපු දේට සෝයුන්ට කට උත්තර නැතිවුනා.

ඒනිසා විතරයි නේද?
ජන්කුක්ට ඒක උනේ තමන් නිසා එයාව බලාගන්න එක වගකීමක් නිසා විතරයි ද??
වෙන දෙයක් එතන තියෙනවද??
එතකොට මෙච්චර වෙලා
ඇස්වලින් ආපු කදුලු වලට හේතුව මොකක්ද ??
මොකක්ද මේ වෙන්නෙ??

සෝයුන්ගෙ හිත එයාගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා.සෝගෙ ඔලුව අතගාපු මිස්ට ජියොන් කාමරෙන් එලියට යද්දි ටේහ්‍යුන් සෝයුන්ගෙ පිටට තට්ටුවක් දාගෙන එතනින් ගියෙ ජන්කුක්වයි සෝයුන්වයි කාමරේ තනිකරලා.

ජන්කුක් දිහා බලාගෙන සෝයුන් කරෙ තමන්ගෙන්ම ප්‍රශ්න කරන එක,,
තාලෙට ගැහෙන ජන්කුක්ගෙ හදවතෙ සද්දෙට වඩා වේගෙන් ගැහෙන තමන්ගෙ පපුවෙ සද්දෙ පවා සෝයුන්ටම ඇහුනෙ කාමරේ අල්පෙනෙත්තක් වැටුනත් සද්දයක් ඇහෙන තරම් නිශ්ශබ්ද නිසා.

හිමීට ජන්කුක් ලගට අඩි තියපු සෝයුන් පුටුවක් ඇදලා අරන් ඉදගෙන ජන්කුක්ගෙ මූන දිහා බැලුවෙ අත්දෙක උඩින් නිකට තියාගන්න ගමන්.බැන්ඩෙජ් කරලා තියෙන ජන්කුක්ගෙ අතට ඇස් ගෙනිච්චෙ සෝයුන් හිමීට අතින් අල්ලලා ජන්කුක්ගෙ මූන දිහා බැලුවෙ වේගෙන් ගන්න හුස්ම සැහැල්ලු කරගන්න ගමන්.

හිමීට ජන්කුක්ගෙ අත තමන් ලගට ගත්ත සෝයුන් තමන්ගෙ අත්දෙක අතරට ජන්කුක්ගෙ අත අරගෙන ජන්කුක්ගෙ මූන දිහා බලාගත්තෙ දෙයක් කියන්න.

"බකුසුකුක්සන්..මං මොකක්ද මෙ කරන්නෙ??..මට මොකක්ද ඔයා කරෙ??.ඔයා ඔහොම ඉද්දි මට පාලුයි..ඇයි ඔයා තුවාල කරගත්තේ ?? ඇයි මාව බේරගත්තෙ?? මගෙ හිත අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නකො ඔප්පගෙ කුක්කො...ඉක්මනට නැගිටින්නකො...ඇයි හැමෝම මාව නූල් බෝලවලම පටලවන්නෙ..?? ඔයා ඇත්තටම කවුද ජන්කුක්??..මගෙ ලග ඉද්දි අසරන වෙනවා කිව්වෙ ඇයි?? මාව බලාගන්නෙ ඇයි?? මොකක්ද ඔයාට ඔනෙ ජන්කුක් ??..මොකක් වුනත් මගෙ හිතට ලංවෙන්න එපා ජන්කුක්..ප්ලීස් පුලුවන් ඉක්මනටම නැගිටින්න..."

ජන්කුක්ගෙ පියවුන ඇස්දෙක දිහා බලන් සෝයුන් කියද්දි දොර ලග හිටිය කෙනා දොර හිමීට වහලා එතනින් ගියෙ තොල් අගට ගත්ත හිනාවත් එක්කමයි.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now