~~~Her tears~~~
නිස්කලංක පරිසරයේ නිහැඩියව සෝයුන්ගෙ කෙදිරියට බිදුනේ වටේ ඉන්න එකා දෙන්නා සුසුම් පිටකරද්දි.
"අහ්හ්....ම්ම්...අහ්හ්"
සෝයුන් කෙදිරි ගගා තුරුලුවුනෙ ජන්කුක්ගෙ තුරුලට.සෝයුන් ලෝකෙ වැඩියෙන්ම අප්රසන්න කරන කෙනාගෙම පපුවට.ඒ පපුව අස්සෙම අද සෝයුන් ආරක්ශාව හොයනවා.සෝයුන් ඒ පපුව අස්සෙ නොසෑහෙන්න රැකවරනයක් ලැබුවෙ සිහියත් අවසිහියත් අතරෙ.
ඒත් ජන්කුක්ගෙන් කිසිම උත්තරයක් නැ.ජන්කුක් නිසොල්මං වෙලා.සෝයුන්ගෙ සුදු පාට ශර්ට් එකම ලේ වලට පෙගිලා , නැ එ එයාගෙ ලේ නෙමෙ සෝ තුරුල් වෙලා ඉන්න ජන්කුක්ගෙ ලේ.!!
"මො..මොකක්ද..වුනෙ.ජ..න්...ජන්කුක්...ආහ්හ්..අන්දවෙ ජන්කුක්..නැගිටින්න..මො..මොකද මේ..මෝඩයො විහිලු කරන්නෙපා..නැගිටිනවා..අනෙ ජන්කුක් නැගිටින්නකො..මාව බයකරන්නෙපා..ලේ..ඔයාට තුවාල වෙලා...අනෙ කවුරු හරි උදව් කරන්න..ජන්කුක්.නැගිටින්න."
ජන්කුක්ව ඔඩොක්කුවට ගත්ත සෝයුන් ජන්කුක්ගෙ කම්මුල් වලට ගහන ගමන් අඩනවා.අඩන්න හේතුව එයා දන්නෙ නැ.සෝයුන් කියන්නෙ සංවේදි කෙල්ලෙක්.පොඩි දේටත් බයවෙන ගැස්සෙන හිතක අයිතිකාරියක්.එ නිසා ජන්කුක් ලේ විලක සිහි නැතුව ඉන්නවා දකිද්දි කෙල්ලට ඇතිවුනෙ ලොකු කම්පනයක්.
~~~~~තප්පර කිහිපයකට පෙර ~~~~
"සෝයුනාආආ......එපාහ්හ්"
ට්රක් එක කෙල්ලට මීටරයක් විතර තියෙද්දි වේගෙන් දුවගෙන ආපු ජන්කුක් කෙල්ලවත් ඇදගෙන පාරෙන් එහාපැත්තට ඇදන් වැටුනෙ ජන්කුක්ගෙ ඔලුව මහපාරෙ වදිද්දි.ට්රක් එකේ ගෑවි නොගෑවී සෝයුන් වගේම ජන්කුකත් පාරෙන් එහාපැත්තට වැටෙද්දි ට්රක් එකේ ඩ්රයිවර් එකපාරට බ්රේක් කරෙ දෙන්නා හැප්පුනාද කියලා හිතන ගමන්.
වැටෙද්දි ජන්කුක්ගෙ අත සෝයුන්ගෙ ඔලුවයි ඉනයි හරහා දැවටුනෙ සෝයුන්ට ලොකු ආරක්ශාවක් දෙන ගමන්.කෙල්ල ජන්කුක්ව තුරුලුකරන් ඇස් පියාගනිද්දි ජන්කුක්ගෙ ඔලුව බිම වැදුන පාරට කොල්ලගෙ ඔලුව පැලිලා ලේ එන්න ගත්තා.එ එක්කම කොල්ලට සිහි නැතිවුනෙ කෙල්ල ඇස් අරිද්දිමයි.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies