~Her love~
"මෙ තමයි ඔයාගෙ ගිෆ්ට් එක ජන්කුක්"
ජන්කුක්ව තමන්ගෙ පැත්තට හරවගත්ත සෝයුන් කොල්ලව ලංකරගෙන කිස් කරන්න ගත්තෙ ගොඩක් හිමීට,ජන්කුක් හිතින් හිනාවෙලා සෝ ඈතට යද්දිම ලගට අරන් කිස් කරන්න ගත්තේ සෝයුන්ගෙ ඇගේම මයිල් කෙලින් කරලා.
ටෑන් කටත් ඇරන් බලන් හිටියත් ටෑන්ගෙ අත තිබ්බෙ බැම්ගෙ ඇස්දෙකෙ.ටෑන් බැම්ගෙ ඇස් වැහුවට එයානම් ෆුල් සීන් එකම කටත් ඇරන් බලන් හිටියේ.
ජන්කුක්ගෙ හදවතේ සද්දෙ ඇහෙනවාරයක් පාසා සෝයුන් තමන්ගෙ අත එ පපුවෙ තියාගෙන එ ගැස්ම වින්දෙ ලෝභකමින්,ආදරේට , එ උනුහුමට ..
සිපගැනීම අතරතුර සෝ ජන්කුක්ගෙ අත තමන්ගෙ ඉනෙන් අරන් ඇගිලි අතර තමන්ගෙ අත පටලවලා කිස් එක බ්‍රෙක් කරලා ලස්සනට හිනාවුනේ ජන්කුක් තමන්ගෙ මිටමොලවුන අත හිමීට දිග අරිද්දි.
"ඔය තියෙන්නෙ මට දෙන්න පුලුවන් වටිනම උපන්දින තෑග්ග ජන්කුක්."
සෝයුන් කිව්වෙ ජන්කුක් අත අල්ලගෙන.සෝගෙ මුනෙ තිබුනෙ හරි අහිංසක හිනාවක්.එ හිනාවට ජන්කුක්ගෙ මුලු හිතම හිරිවට්ටන්න පුලුවන්..
"ස්...සෝ!!...මේ..මේක..ඒ..ඒක පොසිටිව්"
"ඔව් ජන්කුක්, එයා එන්න හදන්නෙ.."
සෝයුන් කියලා ඉවර වෙද්දිම කෙල්ල ලගට වේගෙන් අඩි තියපු ජන්කුක් කෙල්ලව බදාගෙන කැරකුනේ ටෑන් අතෙන් ඇරුන කට වහගනිද්දි.
"ඔ.ඔය ඇත්තමද?? ම.මම අප්පා කෙනෙක් වෙන්න!!..මේ..මෙතන අ.අපේ බබාද..??"
ජන්කුක් පිස්සුවෙන් වගෙ කෙල්ලගේ මූන දෝතින්ම අල්ලගෙන කියෙව්වෙ සැරින් සැරෙ සෝගෙ බඩ අල්ලන ගමන්.අහන හැම ප්‍රශ්නෙටම සෝගෙන් හම්බුන උත්තරය වුනෙ කදුලු පිරුන ඇස්වලින් ඔලුව උඩපහල කිරීමක්.
ඔව් සෝයුන් ප්‍රෙග්නට් ,
උදේ කම්පිටිශන් එක ඉවර වෙද්දි ආපු කැරකිල්ලයි ඔක්කාරෙයි නිසාම
සෝයුන් ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරෙ
ජන්කුක්ට හොරෙන්.
මොකද ඒක නෙගටිව් වුනොත්
ජන්කුක්ගෙ මූනෙ බොදවුන බලාපොරොත්තු ගොන්න සෝයුන්ට මැවි මැවි පේන්න ගත්ත නිසා.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies