~your love is gone~
බඩත් අල්ලගෙන කැගහන සෝයුන්ගෙ බාගෙට වැවුන කොන්ඩෙ දෙකට බෙදලා පුන්චි බූල් දෙකක් දාපු ජන්කුක් කෙල්ලගෙ ශූස් දෙකත් ගලවලා කෙල්ලව වඩාගෙන කාර් එකට දිව්වෙ මග හිටිය ටෑනුත් බෑග්ස් ඔක්කොම අරගෙන පස්සෙන් දුවද්දි.
වේගෙන් ගන්න හුස්ම අතරින් පතරෙ සෝගෙ කටින් ජන්කුක්ගෙ නම පිටවුනේ එ ඇස් පියවෙවි ඇරෙද්දි.
"ශ්ශ්ශ්ස් කාම් ඩවුන් මැනික.අපි ඉක්මනට හොස්පිටල් යන්.."
"අහ්හ්හ් ඉක්මනට කූ...අහ්හ්...ඉ..ඉවසන්න..මගෙ දරුවනෙ..ඔම්මාට ටික..වෙ..වෙලාවක්...දෙ...දෙන්න..රත්තරං.."
ජන්කුක් කෙල්ලව ඔඩොක්කුවට ගනිද්දි ටෑන් කාර් එක අරගෙන හොස්පිටල් එකට ආවෙ වේගෙන් වුනත් පුදුම පරිස්සමකින්.
"ල්...ලේ....!ස්..සෝ!"
ජන්කුක්ගේ සුදුපාට ශර්ට් එකේ තිබුනෙ සෝයුන්ගේ යටිකයෙන් පිටවෙන ලේ.ජන්කුක්ට දෙලො රත්වුනේ කොච්චර කලින් ඉදන් මේදේට ලැස්තිවුනත් මෙ වගෙ දෙයක් වෙනවා කියලා දන්නෙ නැතිනිසා.අනික සෝයුන් මෙ වෙද්දි සිහියත් අවසිහියත් අතරෙ කෙදිරි ගාන ගමන් හිටියේ.ජන්කුක් හිමීට සෝගෙ නලලෙ තිබුන දාඩිය පිහදාලා කෙල්ලව තවත් ලංකරගත්තේ සෝගෙ ඇස්වලින් පුන්චි කදුලු කැට බිමට රූටද්දි.
"ටෑන් ඉක්මන් කරනවාහ්හ්"
ජන්කුක් කැගැහුවේ සෝයුන් වේගෙන් වේගෙන් ගැඹුරු හුස්මවල් ගන්න නිසා.කෙල්ලගෙ වේදනාව ජන්කුක්ගෙ අතේ සටහන් වුනෙ කෙල්ල ජන්කුක්ගෙ අත තදකරලා අල්ලගත්ත මොහොතෙමයි.මෙ වෙලේ සෝ විදින වේදනාව ජන්කුක්ට ගන්න තිබුනානම් කියලා එ හිත අනන්තවත් කියන්න ඇති...
"ව-තුර බින්-දුවට කි-යන්න,නෙලු-ම් ම-ල ගොඩ-ක් ආද-රෙයි කි-යලා ,එ ව-ගේම ම-ගෙ තොටිය-ටත් නෙලු-ම් ම-ල ආද-රෙයි ම-හ ගො-ඩක් "
ජන්කුක්ගෙ පපුවෙ ඉදන් මුමුනන සෝයුන්ගෙ නලලින් හාදුවක් තියපු ජන්කුක් සොගෙ අතින් තදකරලා අල්ලගත්තේ බය කියන දෙ මුලු හිතේම පැතිරෙද්දි.සෝගෙ වචන ටිකට පුලුවන් වුනා ජන්කුක් මෙච්චර කල් දැකපු හීන එක මොහොතකට ගල්කරන්න.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies