"අඩෝ.....සුධා...උඹ මොකද බං මේ උදේ පාන්දර කාමර අස්සෙ කරන්නේ ආ..."
ඔව් ඒ සුධාරයා... අර බැල්මෙන්ම තාම මං දිහා බලන් ඉන්නවා...මොන බැල්මක්ද මං දන්නේ නෑ....ඒ බැල්ම ඕනවටත් වඩා අමුතුයි කියලා ඇරුනම ඒ ඇස් වල තිබුණු එකම හැඟීමක්වත් මේ වෙලාවේ මට තේරුම් ගන්න බැරි උණා...
"ඒයි...මොකද බං ඔය...බලන් ඉන්න කැත....ශිකේ....මගෙ කම්මුල අත ගෑව හැටි විතරක්....ඒ අතගාපු ගෑවිල්ලට යකෝ තව ටිකෙන් බඩ වෙනවා මං.."
හිතේ තියෙන නොසන්සුන් කමට අත දිග ඇරලා යකා ගහලා වගේ බලන් ඉන්න සුදාරයගේ පිටටත් එකක් ගහලා මං කෑ ගහද්දී ඌ ගැස්සිලා ගිහිං අර බැල්මෙන් මිදෙන ගමන් ඇස් චූටි කරලා මං දිහා බැලුවා.....
"ආ...උඹට අරු ඇල්ලුවට කමක් නෑ....අපි ඇල්ලුවොත් තමා අමාරුව..."
"ඔව් ඉතිං තෝ කව්ද... එයා කව්ද....අපරාදේ මගෙ නොඉදුල් කම්මුල...."
මං කිව්වේ කම්මුල පිහදාගන්න හිතන් පෙරවන් හිටපු බෙඩ් ශීට් එක හොයන ගමන්...ෂැක් අප්පා..අමානයෝ කොහොමද බං උඹ මේ ඉන්නෙ ආ...බෙඩ් ශීට් එකක් තියා ඇඳගෙන හිටපු කලිසං ඩිංගවත් හරියට ඇගේ නෑ....අබුඩෙ ගහලා එරමිණිය ගොතන් වාඩි වෙලා වගේ...අතට අහු උණේ කොට්ටේට උඩින් තිබුණු ගලවලා දාපු ටී ෂර්ට් එක වෙද්දී මං ඉක්මනින් ඒක අරන් කම්මුල පිහාදාන ගමන් එක කොට්ටයක් කකුල් උඩ දෙක උඩට දාන් තව එකක් අරන් උස අතට පපුවට හේත්තු කර ගත්තා...
"ආහ්...රිංගපං ඇද යට....මොකෝ අපි ටිකක් දැක්කොත් දියවෙනවාද..."
සුධාරයා ඇහුවේ මගෙ උඩ ඉඳන් පහලට බලලා කොට්ටේට උඩින් පෙන මගෙ මූනට එබිලා....
"අම්මෝ වෙන එවුන් නෙමෙ උඹ දැක්කොත් නම් දියවෙයිද කියන්නත් බෑ..."
මං කියද්දීත් උගෙ මූණ කළු වෙලා ගියා...ඉතිං ඇත්තනේ...අනිත් උන් කෙසේ වෙතත් ඔය සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් මට ඌව ශුවර් නෑ...ඔය යකාට හිලක් නම් ගස් බෙනයක් හරි කමක් නෑ....එහෙම එකෙක්ට මේ උදේ පාන්දර නිදි ඇදේ මේ විදිහට මුලිච්චි වෙන එකම විනාසයක්....පස්ස උඩ දාන් හෙළුවෙන් මූණින් වැටිලා හිටපු හැටියට මේ තරම් වෙලා මං ඉතිරි වෙලා ඉන්න එකමත් ඇති....හිතද්දීත් මගෙ කට අනිත් පැත්තටම පෙරළෙද්දී අත ගියේ කම්මුලට...ෂැක් යකෝ...එතකොට මූ මාව ඒ අත ගෑවේ...හිතද්දීත් මාව වෙව්ලලා ගියේ ටිකකට කලින් උගෙ බැල්ම දකිද්දී හිතට ආපු බයම ආයීමත් ඇවිත් ඇග හිරි වැටිලා යද්දි වෙනකොට මං ඇස් විතරක් පෙන්න කොට්ටේ තව ටිකක් උඩට ඇද ගත්තා.
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...