මං බස් එක පුරා ඇස් යැව්වෙ කලබලෙන්...පිටිපස්සේ දොරෙන් නැගපු මම ඉස්සරහා දොර ළඟටම ගියත්
දැනටමත් සෑහෙන පිරිසක් හිටගෙන හිටියා උණත් ඒ අතරෙ එයා පේන්න හිටියෙ නෑ.කබලෙන් මං ඉස්සරහා දොරෙන් ආයි බහින්න හදද්දීම හිටගෙන හිටපු පිරිමි කෙනෙක් මට කතා කරලා කෙනෙක්ව පෙන්නුවා...ඉස්සරහා දොර ළඟ හිටපු මං දැක්කෙ ඩ්‍රයිවර් සීට් එකට සීට් 3ක් විතර පිටිපස්සෙ සීට් එකක වාඩිවෙලා හිටපු උෂානි.මං එයා දිහා බලද්දීම උෂානි මට අතෙන් එතනට කතා කරා.මං ඉක්මනින් ගියේ එයා අන්දුව දැක්කද බලන්න."පිටිපස්සේ...දොර ළඟ..හෙට පෝය නිසා මාත් ගෙදර යනවා...ඉතිං සීට් එකක් ඇල්ලුවා එයාටත්.."
එයා කිව්වේ පිටිපස්සට ඇගිල්ල දික් කරලා...එතකොටයි මං දැක්කෙ දොරට ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඔලුව තියන් ඉන්න එයාව.මට තිබුණ කලබලේට පෙනුණොත් තමා පුදුමේ.උෂානිට තෑන්ක්ස් කරන්නත් අමතක වෙද්දී මං ඉක්මනින් සෙනඟ මැද්දෙන් රිංගලා ගියේ එයා ළඟට.ළඟට ගියත් එයාට කෑ ගහපු විදිහ මතක්වෙද්දීත් හිත පුරා ගිය හිරියක් එක්ක,අතේ තිබුණ ක්ලියර් බෑග් එක උඩ රැක් එකට දාපු මම එයාට කතා කරන්න බයේ එහෙමම එයා දිහා බලන් හිටියා....
ගොඩක් හොඳට නොපෙනුණත් එයාගෙ උරහිස් පෙනෙන නොපෙන ගාණට ගැස්සෙනවා...මට හිතෙන විදිහ වෙන්න ඇති...මං එහෙම හිතුවත් ඊලඟ තප්පරේ මට ඇහුණේ එයා බර උණ නහය උඩට අදින හඩ වෙද්දී ඊලඟ තප්පරේ නොදැනීම මගේ වම් අත එයාගෙ ඔළුව උඩ නතර උණේ කෙස් ගස් අස්සෙන් රිංගලා ගිහිං වෙද්දි එයා ගැස්සිලා ගිහිං යාන්තමින් ඔලුව උසලා මං දිහා බැලුවා...කියන්න දෙයක් හිතා ගන්න බැරිව මං තොල් හපන් වේගෙන් ඇස් පිය ගහන ගමන් ඔළුව ඇද කරලා එයා දිහා බලද්දි එයා එකපාර උස්සපු ඔළුව මගෙ බඩට තියන් මූණ හංගා ගත්තෙ නිකංවත් නොහිතපු ප්‍රතිචාරේත් එක්ක මං ගැස්සිලා යද්දී....
එයාගෙ වම් අත එක තප්පරෙන් මගෙ ඉන වටේ යද්දී අනිත් අත ගියේ මගෙ කකුලක් වටේ වෙද්දී උන් හිටි තැනුත් අමතක වෙලා මං බලන් හිටියෙ හුස්මත් හිර වෙද්දී....එයාගෙ අත් තව තවත් තද වෙද්දී සිහියට ආපු මගෙ ඇස් ගියේ බස් එකේ හිටපු අය දිහාට වෙද්දී හැමෝම හිටියෙ තම තමන්ගෙ ලෝක වල.... මං එයා දිහා බලද්දී මගෙ බඩේ මූන හංගා ගත්තු එයාගෙ උරහිස් සැරෙන්ම ගැස්සෙන්න ගද්දි මගෙ පපුවම හිරවෙලා ගියා.... ෂර්ට් එක විනිවිදව ගිහිං බඩට දැනෙන එයාගෙ හුස්ම වල උණුසුම මේතාක් නොවිදි ස්පර්ශයත් එක්ක මාව සම්පූර්ණයෙන්ම අවුල වද්දී ඒ එක්කම දැනුණ කඳුලු වල උණුසුම මාව පියවි සිහියට ගෙද්දී තාමත් එයාගෙ ඔළුව උඩ ඔහේ නැවතිලා තිබුණ මගෙ වම් අත එහෙමම එයාගෙ බෙල්ල වටෙන් අරන් ගිහිං එයාගෙ නිකට යටින් අල්ලන් මාපට ඇඟිල්ලෙන් එයාගෙ නිකට පිරි මැද්දෙ නිරයාසයෙන්ම....ඔව්...මන් දුකින් ඉන්න වෙලාවට....මාව මේ වගේ ලං කරන් මගෙ මමාත් එහෙම කරනවා....
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Hayran Kurgu🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...