❗❗ මේ කොටස කියවලා...sad ending කියලා හිතලා....කතාව මඟ අරින්න හදන ආදරණිය රීඩක පැටවුණේ....මම කැමැති ඔයාලා...මේ කොටස නොබලා... special 2 බලනවානම්...😊😊 ❗❗
"යථාවාරී වහා පුරා - පරිපුරෙන්ති සාගරං.....
ඒව මේව ඉතෝ දින්නං - පේතානං උපකප්පතී...."'යම්සේ දියෙන් පිරී ගංගා ගලාගොස් මහමුහුද පුරවාද එසේම මෙහිදී පමුණුවන ලද පිං මියගිය ඥාතීන්ට ලැබේවා.. !'
අවමංගල්‍ය චාරිත්‍ර අවසන් වෙලා දේහය නිවසින් අරන් යද්දි සෑහෙන පිරිසක් කනත්තට යන්න පිටත් උණා.. වලට යට කරන දිහා බලන්න තරම් හිත හයිය නෑ කියලා අන්දු කියපු නිසාම එයා එක්ක මං ගෙදරම නතර උණා...ගිය කෙනා නිසා එයා,මම අවුරුදු ගාණක් පුරා විඳපු වේදනාව කොයි තරම් උණත් අවාමංගල්‍ය පෙරහැර පාර දිගේ නොපෙනි යද්දි ඇහෙන් වැටෙන කඳුලක් එයා මට නොපෙනෙන්න වගේ පිහදානවා දකිද්දී මහා බරට මටත් නොදැනිම සුසුමක් පිටවුණා...
"එයාට තවත් කාලයක්...අ..පි..එක්ක..ඉ..නන්න තිබුණා..."
එයාගෙ හිත හදන්න වගේ මං එයාගෙ අත මගෙ අතත් එක්ක පටලගද්දී එයා කියන්න ගත්තත් දවස් කීපයක් තිස්සේ හිර කරන් හිටපු කදුළු තවත් දරන්න බැරි වැඩි නිසාමදෝ එයාගෙ වචන මඟදී බිදිලා යද්දි එයා මගෙ පපුවේ මූණ හංගන් අඬන්න ගද්දි නොදැනිම මගෙ ඇස් දෙකත් කඳුලින් පිරුනේ ගිය කෙනා ගැන දුකකටත් වඩා ඒ කෙනා වෙනුවෙන් අඩා වැටෙන මගෙ අන්දු නිසා වෙද්දී,එයාලා අතර උණ මේ බැදීමම හරි අමුතු එකක් නිසාම මං දැනගෙන හිටියේ නෑ එ හිත සනසන්නේ කොහොමද කියලාවත්...
"ආ..ය..ආය..මං එනකම්..කෑම..නොකා බලන් ඉන්න...එ..යා..එයා..සු..සු..දා..ර නෑ අමාන්..."
ඉතිං ඔව්...ගියේ කවුද කිවුවොත් ඒ ගියේ සුදාර...ඉතිං..ඉතිං මොකටද අන්දු අඬන්නේ...මට දුකක් දැනෙන එක හරි....සුදාර කියන්නේ බහ තොරණ කාලේ ඉඳන්...මගෙ ජීවතෙන් බාගෙකට කිට්ටු කාලයක් පුරා මගෙ ලගින් හිටපු යාළුවෙක්...ඒත් අන්දුට කවදාවත් ඒ අතීතේ සුදාර එක්ක ගෙවුණ ලස්සන මතක තිබුනෙ නෑ..ඒත්..අද සුදාර යන්න යද්දි....අන්දු අඩනවා....දුක් වෙනවා...ඒත් ඇයි....ඒ තමා අන්දු...ඔයා මම අපි හැමෝම දන්න..අනික් අයගෙ සතුට වෙණුවෙන් තමන්ගෙ සතුට කැප කරන්න ...දෙපාරක් නොහිතපු ආමාන්ගේ සන්දු මැණික...අපි හැමෝගෙම අහිංසක අන්දු....
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fiksi Penggemar🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...