🥀46.සිත හඬයි...මා තනි වී... 🥀

614 113 72
                                    

කොල්ලො එක්ක කතා කරලා හිත සැහැල්ලු වෙන එක තප්පරේට මං හීන මාලිගා හුගාක් හැදුවා...ඔව් මං එයාට ඒ ගැන කියනවා...හෙමින් සැරේ හොඳම වෙලාව බලලා...සමහර විට එයාගෙ හිත රිදවෙන දේ ඔය විඩියෝ එක නම්,දැන් කොල්ලො ගැනත් බයක් නැති එකේ කෝකටත් අම්මි කියපු අවුරුද්දෙ කාලෙ පහුවෙලා ඒ අවදානමත් නැති උණාමම කියනවා...එයා මාව තේරුම් ගනීවි...කාලයක් පුරා හිතට වද දීපු බය නැති උණ නිසා හිතට දැනුණ සැහැල්ලුව නිසාදෝ මට ඒ ගැන ලොකු විස්වාසයක් දැනුණා..ඒත් දෙවියනේ මේ මොකද උණේ..ඊයේ රෑ නිදිමතේ එයාට විඩියෝ එක යවම්දෝ නොයවම්දෝ හිත හිත නිදි කිර කිරා හිටපු මං අතින් අන්තිමේ විඩියෝ එක සෙන්ඩ් වෙලා තිබුණා...

එයා හොස්පිට්ල් නිසා සමහර විට විඩියෝ එක බලලා තියෙන්න එපා කියලා හිතුවත්,මගේ අන්තිම බලාපොරොත්තුවත් බිඳිලා යද්දි එයා විඩියෝ එක බලලා තිබුණා...උදේ හොස්පිට්ල් යනවා කියන්න මැසේජ් එක දාපු වෙලාවම එයා ඔන්ලයින් හිටියා කියලා පෙන්නද්දී හිතට ආපු තිගැස්මට මට දාඩියකුත් දාද්දී මං එහෙමම අනික් අතට කෝල් ගන්න උත්සාහ කරත් ෆොන් එක වැඩ නොකරද්දි හිතට දැනුණේ පුදුමාකාර බයක්...එයා ඔන්ලයින් ඉඳලා තිබුණෙ උදේ පාන්දර වෙද්දි විඩියෝ එක දැකලා දුකට කේන්තියට උදේ ඉදන්ම ඕෆ් කරලා තියෙන්න ඇති..එයාට බාධාවක් වෙයි කියලා මේ වෙනකන් මං කෝල් ගත්තෙ නැතිවෙද්දි දාපු මැසේජ් එක සෙන්ඩ් උණේ නෑ කියලත් මට මතක් උණේ ඒ වෙලාවේ වෙද්දි ,එයා ෆොන් ඕෆ් කරේ විඩියෝ එක දැකපු නිසා තමයි කියලා හිතෙද්දීත් එයා ගැන පුදුමාකාර බයක් හිතට දැනුණා..දෙයියනේ මගෙ කොල්ලා...!!

වෙලාව දවල් 12ත් වෙලා තියෙද්දි වෙනදා මේ වෙලාවට ක්ලිනික් ඉවර වෙලා එයා කතා කරත්,අද ෆොන් එකක් වැඩ නැති වෙද්දි,හිතට දැනුණ බයත් එක්ක තවත් සිහියක් පතක් නැති උණ නිසා ඇදන් හිටපු ඇඳුම් පිටින්ම යතුරයි හෙල්මට් එකයි ගත්තු මම වෙන දෙයක් වෙද්දෙන් හිතන් ආපහු අනුරාධපුරේ යන්න ඉගිල්ලුනා...යන මඟ දිගටත් බ්ලූටූත් කනේ ගහගත්තු මම ආයි ආයි එයාට ගන්න උත්සාහ කරත් තවම ෆොන් එක වැඩ නැති වෙද්දි,ඊයේ රෑ විඩියෝ බල බලම නින්ද ගියපු නිසා චාජ් කරන්න බැරි උණ ෆොන් එකේ ,පැයකට විතර පස්සෙ බැටරි රතු කට්ටත් පන්නද්දී මං තව තවත් බයික් එකේ වේගේ වැඩි කරා...

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -Where stories live. Discover now